(නිමන්ති රණසිංහ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන විසින් අද (07) කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය වලකන ලෙසට ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව අනුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකම් බවත්, එම උද්ඝෝෂණය වලකින ලෙසට පොලිසිය ප්‍රමාණවත් තරම් කරුණු ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලහිරු වීරසිංහ, දුමින්ද නාගමුව, රත්කරව්වේ ජිනරතන හිමි, ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට මෙම නියෝගය නිකුත් කරන ලෙසට කුරුදුවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd