(නිමන්ති රණසිංහ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන විසින් අද (07) කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය වලකන ලෙසට ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව අනුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මූලික අයිතිවාසිකම් බවත්, එම උද්ඝෝෂණය වලකින ලෙසට පොලිසිය ප්‍රමාණවත් තරම් කරුණු ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලහිරු වීරසිංහ, දුමින්ද නාගමුව, රත්කරව්වේ ජිනරතන හිමි, ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට මෙම නියෝගය නිකුත් කරන ලෙසට කුරුදුවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණ .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පා ගමන වළකන්න කුරුඳුවත්තෙන් කළ ඉල්ලීම විසිවෙයි