
(කේ බුද්ධික කුමාරසිරි,සුසිල් ප්‍රියන්ත සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවිත්තාව ඉහල කන්ද යගිරල ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි ඉත්තෑපාන පොලිසිය පවසයි.
මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන සහයකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව් දෙනෙකු අදාල දිය වලෙහි දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි ද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය ට අනුයුක්තව සේවය කල එස්. ගෞතම් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අනුයුක්තව සේවය එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාය.
දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෙට (26) දිනයේදී පැවැත්වීමට නියමිත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑමට පෙර කාපු බීපු හැටි හෙව්වා නම් මරණයට හේතුව හොයා ගන්න තිබ්බා. බීමත්කම නොසැලකිල්ල නිසා වෙන මරණ...!
අපේ රටේ දියේ ගිලීයාමෙන් සිදුවෙන අනතුරු හැමදාම වගේ අහන්න ලැබෙනවා. එහෙම දැන දැනත්, මේ වගේ අය මොකට පීනන්න ගියාද? පී.එච්.අයි මහත්වරුන්ට නිවන්සුව ලැබේවා...!!!
ඇතා වැටුන වලනේ , ඒකට මනුස්සයෙක් වැටුනම ඉතින් මොන කතාද
නොදන්න තැන්වල නාන්න යෑමෙන් වෙන අනතුරු .ලංකාව වතුර නැති රටක්ද යකෝ. හැම එකාම දකින දකින තැන වතුරට බහින්න. නාන්න විනෝද වෙන්න ආරක්ශාකාරී තැන් දැන් ඕනා තරම් හදලා තීනවා. ස්වභාවික තත්වයෙන්ම තියෙන කෘතිම තැන් තියෙනවා. ඇයි මේ
ඉහත කොමන්ට් ලියූ මහත්වරුන් හෝ මහත්මීන් ද ඉතා නිවැරැදිව කියා තියෙන ආකාරයෙන්ම මෙය ලංකාවේ උග්‍ර ව්‍යසනයක් බවට පත් වී තිබේ. ඇලක්, දොලක්, වැවක්, ඇල්ලක්, ගඟක්, මූදක්, වතුරවලක් දැක්කොත් ඉවක් බවක් හෙවිල්ලක් බැලිල්ලක් නැති ඒකට පැනලා නාන එකයි, අපේ රටේ සමහර ජනතාවගේ හැටි. හොඳට දාලා ආතල් එක වැඩි කරගන්න වතුරට බැස්සාම ඉතින් අබසරණයි තමයි. වසරින් වසර මෙරට උගතුන් ගණන වැඩි වෙනවා යැයි කියතත් දිනෙන් දිනම බුද්ධිමතුන් ගණන නම් පහළ යන බව මෙයින් පෙනේ. බුද්ධිය එන්නේ උපාධි පට්ටම් හෝ වෙනත් වර්ගයක අධ්‍යාපන සුදුසුකම්වලින් නොවේ. අපේ පැරැන්නන්ට තිබූ බුද්ධිය අද අයට ඇත්තේම නැත.