
(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විගණන කණ්ඩායමක් පත් කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසිය.
නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාවත් සමග, දිට්වා සුලි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා මුදල් ලබා දීම කොරෝනා ව්‍යසන සමයේ අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධිය හරහා ලබා දුන් රු.5000ක දීමනාව සහ සමෘද්ධි ලාභීන්ට රජය මගින් ලබා දෙන සහනාධාර සහ වැඩිහිටි දීමනා නිසිලෙස ප්‍රතිලාභීන්ට ගෙවා ඇතිද යන්න පිලිබදව 2023 වසර සිට 2026 වසර දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක මෙම විගණනය සිදු කරන බව මංජුල සුරවිරආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd