(නිමල් ජයරත්න)

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ත්‍රිකෝණමඩුව ස්වභාවික රක්ෂිතයේ විල්ලුව ප්‍රදේශයේ විවිධ සතුන් දඩයම් කරන පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව සෝමාවතීය අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.

සැකකරුවන් සතුව තිබූ වේලන ලද මුව මස් කිලෝ අටක්, පිහි දෙකක්, විදුලි පන්දම්, වේලන ලද මාළු, අරක්කු ලිටරයක්, ද ඩයම් කිරීමට යොදාගත් තවත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගත් බව සෝමවතිය වන සත්ව අඩවි සහකාර එම්.බී අමිත ශ්‍රී නාලක මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනා වැලිකන්ද කුඩාපොකුණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ත් 55 ත් අතර වයසේ පසුවන්නන් බවද නාලක මහතා කීවේය.

සෝමාවතීය අඩවි ආරක්ෂක ටී.ආර්.ප්‍රදීප්,වන සත්ව අඩවි සහකාර,එම්.බී. අමිත ශ්‍රී නාලක,සිවිල් ආරක්ෂක ඒ.එස්.විජේරත්න යන නිලධාරීන් මෙම වැටලීම සිදුකළහ.