
(බිමල් ශයාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
මනුෂ්‍ය ඝාතන සඳහා යොදා ගැනීමට ව්‍යාජ ලෙස සකස් කළ විවිධ වාහන රැසක අංක තහඩු, රක්ෂණ සහතික සහ ආදායම් බලපත්‍ර තොගයක් සඟවාගෙන සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව හිරන පොලිසිය සඳහන් කරයි.
එම සැකකරු සමග යතුරුපැදි 02 ක , මෝටර් රථ 04 ක , ලොරි 05 ක හා ත්‍රී රෝද රථ 02 කට අයත් ව්‍යාජ ලියාපදිංචි අංක තහඩු තොගයක් එම ලියාපදිංචිය අංකවලට සමාන ලෙස ව්‍යාජව සැකසූ ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතික කාඩ්පත් මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5400 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධවල නියැලෙන ප්‍රකාශ් චතුරංග කෝදාගොඩ නොහොත් ඩුබායි සුද්දා සහ ඔහුගේ සහෝදරයා වන රන් කැටියාගේ සමීපතමයකු පානදුර තන්ත්‍රීමුල්ල නිවසේ අයිස් මත්ද්‍රවය ජාවාරමේ නිරත වන බවට හිරන පොලිසියට ලද තොරතුරක් අනුව නිවස වටලා සැකකරු අයිස් මත්ද්‍රව සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අනතුරුව පොලිස් නිලධාරීන් සැකකරු පදිංචිව සිටි නිවස දැඩි සෝදිසි මෙහෙයුමට ලක් කිරීමේදී ඇඳක් යට සඟවා තිබූ මෙම නීති විරෝධී ව්‍යාජ අංක තහඩු සහ සෙසු ලේඛන සොයාගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අවශ්‍ය අවස්ථාවකදී ලබා ගන්නා බවට පවසා ඩුබායි සුද්දා ලෝකේෂන් මාර්ගයෙන් තමන් වෙත මේවා එවූ බවත් ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd