
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කළ ඉල්ලීමක් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළේය.
එම රැස්වීම පැවැත්වීමට තවමත් සූදානමක් නැතැයිද ඔහු කීවේය.
වටේ තත්ත්වය පිළිබඳව සියලු දේශපාලන පක්ෂ මහජන නියෝජිතයින් විමසිල්ලෙන් පසුවන වෙලාවක මෙම ඉල්ලීම කරන බව කී මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සාකච්ඡා කළ බවද ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම මීළඟට පවත්වන්නේ ජුනි මස මුල් සතියේ බව ඔහු සඳහන් කළේය.
රටේ තත්වය ගැන ඊයේ සහ පෙරේදා දවස්වල කතා කළ බවත් ඩොලර් ප්‍රශ්නයට රජය මැදිහත් වෙමින් සිටින බවත් සභානායකවරයා කීය.
බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.
අපිට ආණ්ඩුවේ කටයුතු පෙළ ගස්සන්න පුළුවන් වෙන්නේ ඒවා ලැබෙන විදියක් එක්ක. ඩොලර් එකේ ප්රශ්නය අපි දන්නවා. රට පත් කරගත්ත ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් ඉන්නවා. ඒකට ආණ්ඩුව මැදිහත් වෙමින් සිටිනවා.
චමින්ද විජේසිරි මහතා:
කතානායකතුමා තමයි මේක කැඳවීමට අවශ්‍ය පියවර ගන්න ඕන. ඔය වගේ උද්දච්ච වෙන්න එපා. රටේ තත්ත්වය ගැන මෙතන විවාදයක් පැවැත්වුණා. ඔබතුමාලගේ අදහස් වලට අපි සවන් දුන්නා. පක්ෂ නායක රැස්වීම ජුනි මාසයේ මුල හෝ මේ මාසයේ අග පවත්වන්න බලාපොරොත්තු වෙනවා.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා:
මේක රටේ තියෙන බරපතළ ආර්ථික ප්‍රශ්නයක්. ඔබතුමා තමයි මේ සභාවේ නායකයා. කවුරුත් නොවෙයි ඔබතුමා තීරණයක් ගන්න.
කතානායක:
මම ඔබතුමාලට දැනුම් දෙන්නම්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ කට්ටිය රටට පුදුම ආදරයක් තියෙන්නේ. මං හිතන්නේ මේ ඉතා මෑතකදී ඇතිවුණු දෙයක් වෙන්න ඕනෑ.