ක්‍රිෂාන් ජීවක ජයරුක්

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අබියස පැවැත්වීමට සූදානම් කර තිබූ බෝධි පූජා පින්කමකට එම පරිශ්‍රය ලබා දිය නොහැකි බවට මාතර බෝධි ආරක්ෂක සභාව දැනුම් දීමත් සමග එහි සංවිධායකයන්ට වෙනත් ස්ථානයක් සොයා ගැනීමට සිදු විය.

ඒ අනුව එම බෝධි පූජා පින්කම අද (21) සවස 4.00ට මාතර බෝධිය අබියස පැවැත්වීමට සදහා එම පක්ෂයේ කඹුරුපිටිය ආසන සංවිධායක කීර්ති විජයවංශ මහතා රුපියල් 300ක දායකත්වයක් ගෙවා කල් ඇතිව වෙලාව වෙන් කර ගෙන තිබුණි.

එහෙත් නාමල් රාජපක්ෂ මහතාට සෙත් පැතීම සදහා බෝධි පූජාවක් පැවැත්වීමට පැමිණෙන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ ආරාධනා කිරීමත් සමග එම පරිශ්‍රය ලබා දිය නොහැකි බවට මාතර බෝධියේ නියෝජිතයකු කීර්ති විජයවංශ මහතාට දැනුම් දී ඇතැයි කියයි.