
(මනෝප්රිය ගුණසේකර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු වශයෙන් නම් කර පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 16 වැනි දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිතය.
ලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා මිලදී ගැනීමේ වංචාවට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධීපති නීතීඥ දිලීප පීරීස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට දුන් උපදෙස් වලට අනුව අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර මෙලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම සිද්ධියක් සම්බන්ධයෙන් ඒකාබද්ධව විමර්ශන කරන අතර සිද්ධියක් සම්බන්ධයෙන් ආයතන දෙකක් එක්ව විමර්ශන කරනු ලබන්නේ අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට වන අතර විමර්ශනන කටයුතු අධීක්ෂණය කරමින් නීතීපතිවරයා උපදෙස් දෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි” එයාර්බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට රිමාන්ඩ් බාරයේ පසුවේ.
මීට වසර 13කට පෙර එනම් 2013 වසරේදී අදාළ යුරෝපීය ගුවන් සමාගමෙන් ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබාගත් බව කියන අදාළ අල්ලස් මුදල නාමල් රාජපක්ෂ මහතාට ලබාදී ඇති බව විමර්ශන වලදී හෙළී වීම නිසා නීතීපතිවරයා වෙනුවෙන් මෙම සිද්ධිය අධීක්ෂණය කරන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධීපති නීතීඥ දිලීප පීරීස් මහතා අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට දුන් උපදෙස් දී ඇත.
2013 වසරේදී සිදුවු බව කියන මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකරුගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී විජේනායක මහත්මිය ඇතු`ථ පිරිසක් නම්කර ඇති අතර ඔවුන්ට එරෙහිවද විමර්ශන සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd