(සුජිත් හේවාජුලිගේ )

ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත.

තමා වෛද්‍ය නිර්දේශ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව නිහාල් නෙල්සන් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි පසුගිය දිනවල තමාට ආශ්‍රිතවූ පුද්ගලයන්ගෙන් ඉල්ලීමක් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවෝ රැසක් කොවිඩ් රෝගියාට පසුගිය දිනවල ගොදුරු වූහ.