
( අමදෝරු අමරජීව )
ජල ගැලීම් හේතුවෙන් හානියට පත් නැගෙනහිර දුම්රිය මාර්ගයේ මහව සිට ගල්ඔය හරහා ත්‍රිකුණාමල දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම් අවසන් වීමෙන් දින දහඅටකට පසුව පළමු දුම්රිය අද (16) උදෑසන ධාවනයට එක් කළේය.
ප්‍රීමා පිටි පටවා ගත් මෙම දුම්රිය චීනවරායේ සිට සීදූව දක්වා ගමන් ආරම්භ කල අතර මෙම දුම්රිය යලි දෛනිකව ධාවනයට එක් කිරීමට දුම්රිය බලධාරීන් තීරණය කර තිබේ. ඉකුත් 28 වෙනිදා ජලගැලීම් හේතුවෙන් නැගෙනහිර දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබූ පසු දුම්රිය මාර්ග පිළිසකර කිරීමෙන් අනතුරුව ධාවනයට එක්වන පළමු දුම්රිය මෙයවේ.
මේ අතර නැගෙනහිර දුම්රිය මාර්ගයේ මහව සිට ගල්ඔය හරහා මඩකලපුව දක්වා මාර්ගයේ හානියට පත් ගල්ලෑල්ල හා මනම්පිටිය අතර පිරිසකර කිරීම් 90% අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරු (නැගෙනහිර) නිසල් ලියනආරච්චි මහතාලපැවැසීය.
මේ වන විට විනාශයට පත් දුම්රිය මාර්ගයේ ගල්ලැල්ල සිට මනම්පිටිය කොටස ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කර ඇති අතර ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා සේවා දුම්රිය ප්‍රථමවරට අද (16) ධාවනයට කරමින් ඉදිරියට ගමන් කර ඛාදනයට ලක් වූ ස්ථාන පිළිසකර කිරීමේ කටයුතු සිදුකරගෙන යන බව අධිකාරි ඉංජිනේරුවරයා වැඩිදුරටත් කීහ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නැ‘හිර දුම්රිය මඟේ ගල්ඔය ත්‍රි‘මලේ , දින 18කට පසු දුම්රිය ගමන් අරඹයි