(රංජන් කස්තුරි)

විදුලි ජනනය සඳහා ජලාශවල ජලය ඇත්තේ තවත් දින 20කට තරම් ප්‍රමාණයකැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.

පවතින දැඩි නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් බලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම සියයට 28ක මට්ටමකට පහත වැටී ඇතැයි ලංවීම දත්ත වාර්තා සඳහන් කරයි.

කොත්මලේ ජලාශයේ සියයට 21ක්, කාසල් රී ජලාශයේ සියයට 12ක්, මාවුස්සාකැලේ ජලාශයේ සියයට 29ක්, සමනල ජලාශයේ සියයට 14ක්, සහ රන්දෙණිගල ජලාශයේ සියයට 56ක්. ආදී වශයෙන්  ජලාශවල ජලමට්ටම් පහත බැස තිබෙන බවද එම වාර්තා සඳහන් කරයි.

මෙරට විදුලි ජනනයෙන් සියයට 80ක්ම ජලයෙන් ලබාගත් අතර එය මේ වන විට සියයට 20 පමණ දක්වා අඩුවී ඇතැයිද වාර්තා වෙයි.