
(යොහාන් භාසුර)
නවසීලන්තයේදී මේ මස 28 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) නිවේදනය කළේය.
චරිත් අසලංක නායකත්වය දරණ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නවසීලන්තය බලා අනිද්දා (20) පිටත්ව යෑමට නියමිතය.
මෙම තරගාවලියේ තරග මෙම මස 28, 30 සහ ජනවාරි මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්‍ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චමිදු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි වෙල්ලාලගේ ඕස්ට්‍රේලියාවටයි, ඉන්දියාවටයි ඉන්නේ.
නවසීලන්තයට එරෙහි වීම තරයේ හෙලා දකිමි...
ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක නැතිවුණත් කුසල් මෙන්ඩිස් ක්‍රිකට් ගහනවා. තරුණ දක්ෂ කොල්ලෝ කොච්චරකගේ චාන්ස් නැති කළාද? වෙන රටක ඉන්දියාවේ වුණත් මැච් 10 ෆේල් නම් කපනවා. මේකට මැච් 50-100 ෆේල් වුනත් රටට කෙල වුනත් මේ අය ගහනවා. රනිල් 2048 රට හදනකම් මේ අය ගහයි...
අසිත මරු ටෙස්ට් වලට... ඔඩිඅයි වලට ත් හොදයි ටි 20 නම් සෙට් නැ