වසන්තය උදාවීම ලොව පුරා විවිධ ජාතීන් අති උත්කර්ෂවත් ලෙස සමරන පොදු උත්සවයකි.
ඊට සමානුරූපව නවසීලන්තයට වසන්ත කාලය උදාවීම සැමරීම සඳහා වර්ෂ 1950 සිට මේ දක්වා වාර්ෂිකව පවත්වන වසන්ත මල් සැණකෙළිය මෙවර අතිශය විචිත්‍ර අන්දමින් විවිධ අංගයන්ගෙන් යුක්තව නවසීලන්තයේ හෝඕක්ස්බේ ප්‍රාන්තයේ හේස්ටින්ග්ස් නගරයේ දී පැවැත්විණි.
"ලොව පුරා ජන කතා" යනුවෙන් මෙවර එහි තේමාව විය. මෙම උත්සවය සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් එක්ව සිටියහ.
එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් මේ සඳහා "යක් නැටුම" යන තේමාව ඔස්සේ කෘත්‍රිම මල්වලින් සැකසූ නිර්මාණයක් ඉදිරිපත් කරන ලදී. එය වර්ණවත් කිරීම සඳහා වෙලින්ටන් හි ශ්‍රී ලංකා නර්තන ඇකඩමිය ඉදිරිපත් කළ නර්තන අංගය විශේෂයෙන් කාගේත් සිත් ඇඳ බැද ගැනීමට සමත් විය.
ඉදිරිපත් වූ නිර්මාණ 58ක් අතරින් උළලේ හොඳම විලාසිතාවන්ට හිමි අනුශුරතාවය දිනාගැනීමට මෙම නිර්මාණය සමත් විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා !