නවසීලන්තයේ වයිට් දූපතේ ගිනි කන්දක් සක්‍රිය වීමෙන් සංචාරකයන් පස් දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ගිනිකන්ද සක්‍රීය වන අවස්ථාවේ දූපතේ සංචාරකයන් 50කට ආසන්න සංඛ්‍යාවක් සිටි බවද, එයින් 23 දෙනෙකු ආරක්ෂිතව මුදා ගැනීමට හැකිවූ බවද පොලිසිය පැවසුවේය.
නවසීලන්ත වේලාවෙන් පස්වරු 2.00 ට පමණ සිදුවූ මෙම අනතුරින් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා සිටිති.
සංචාරකයින් පිරිසක් ගිනිකන්ද නැරඹීමට ගොස් සුළු වේලාවකින් එය සක්‍රීය වී තිබේ.
ලෝකයේ වඩාත් සක්‍රීයම ගිනි කඳු පිහිටි ස්ථානයක් ලෙස නවසීලන්තයේ වයිට් දූපත සැලකේ.
(බීබීසී ඇසුරෙනි)
226


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ වඩාත්ම සක්‍රීයම ගිනිකඳු පිහිටලා තියෙන ප්‍රදේශය නම් මොන කෙහෙල්මලකටද බලන්න ගියේ...? මේ අයට පිස්සු.