(අංජුල මහික වීරරත්න)

නාවලපිටිය, දඹුල්ල සහ කුලියාපිටිය දිස්ත්‍රික් රෝහල් සඳහා CT ස්කෑන් යන්ත්‍ර 3ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නාවලපිටිය, දඹුල්ල සහ කුලියාපිටිය දිස්ත්‍රික් රෝහල් සඳහා CT ස්කෑන් යන්ත්‍ර 3 ක් (64 Slices ) සැපයීම, බෙදා හැරීම, ස්ථාපනය, ක්‍රියාත්මක කරවීම හා නඩත්තු කිරීම සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවා තිබේ. 

ඒ සඳහා ලංසු 4ක් ලැබී ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව නාවලපිටිය, දඹුල්ල සහ කුලියාපිටිය දිස්ත්‍රික් රෝහල් සඳහා CT ස්කෑන් යන්ත්‍ර 3ක් (64 Slices) සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය M/s Hayleys Lifesciences (Pvt). Ltd වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.