
(ශාන්ත චන්ද්‍රසිරි,සුරංග රාජනායක සහ රංජිත් රාජපක්ෂ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ විරෝධතාවයක් පැවැත් වු අතර, එහෙදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ජනතාවට දරා ගත නොහැකි ලෙස රට තුල දිනෙන් දිනම ඉහල යන ජීවන වියදම අඩු කරන ලෙස රජයට බල කරමින් විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ සහිත පොස්ටර් ප්‍රදර්ශණය කරමින් රජයට එරෙහි මෙම විරෝධතාවයේ නිරතව සිටියහ.
විරෝධතාවය පැවැති එම ස්ථානයට පැමිණි පොලීසිය පොලිස් ආඥා පනත අනුව නීති විරෝධි ලෙස පවත්වන මෙම ජන ඒකරාශිවීම නවතා දමා විසිරී යන ලෙස ජනතාවට දැනුම් දෙන බව සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් පැවැසීමත් සමග විරෝධතාකරුවන් හා පොලීසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.
එම අවස්ථාවේ නාවලපිටිය පොලීසිය විසින් සමගිජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය කීය.
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා විසින් සංවිධානය කොට තිබු මෙම විරෝධතාවය පැවැත්වෙන අවස්ථාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන සංවිධායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරන ලද රැස්වීමක්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ පැවැත්වෙමින් තිබිණි.
ගම්පොළ සුරංග රාජනායක



රංජිත් රාජපක්ෂ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ විලංගුවේ දාන්න ඕනේ අය නිදැල්ලේ රැස්වීම් අමතනවා. ජනතාවගේ පීඩනය වෙනුවෙන් කතාකරන අය අත්අඩංගුවේ... අනේ මෙහෙමත් එක රටක්, එක නීතියක්...
මොවුන්ගේ ලැජ්ජා නහරෙ කාලා තියෙන්නේ.. ආයෙත් කාලකණ්ණි ජනතාව අමතනවා. කුලියට කහින ජනතාව ඒවට යනවා. මේවට සම්බන්ධ හැම එකාටම ලැජ්ජ නැහැ.
ඔක්කොම එක වල්ලෙ පොල්. අපි රැවටෙන්නේ නැහැ.
අපි දොගොල්ලන්වම මේ රටෙන් එලවනව. රට කාපු කාලකන්නි වල් පරයෝ.
මේ නීල කාස හොරයි ඒ නඩයයි යන යන තැන පාට පක්ෂ නැතිව ජනතාව මුන්ට විරුද්ධව හඩනගන්න ඕනෙ. රටත් ජනතාවත් මෙතැනට ඇද දාපු පව් කාර හැත්ත.
ජනහමුවක් පැවැත්වීමේ කිසිම වැරැද්දක් නැහැ. රාජපක්ෂවරුන් මේ රටට කළ මහඟු සේවය අප කෙදිනකවත්අ මතක කළ යුතු නැහැ. හොඳ නරක දෙකම මහජනතාවගේ හදවත තුළ සටහන්වී තිබිය යුතුයි.
ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා, ජනතාව රවට්ටලා, ජනතාවගේ ඡන්දෙන් බලයට ආපු දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදියා... අන්තිමට රටම බංකොළොත් කෙරුවා නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කෙරුවා. පවුල් පාලනේ අය ඔක්කොම එකතුවෙලා, රටම හොරාකාලා කාබාසිනියා කෙරුවා. අද ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ දූෂිත රාජපක්ෂලා කරපු කාලකන්නි වැඩ නිසායි. අවතැන් වූ අසරණයන්ට ලැබුණු සුනාමි ආධාරත් ගසා කාපු පට්ට හොරෙක්... අගමැතිකමෙන් පන්නලත් ලැජ්ජාවක් නැහැ... බල තණ්හාවෙන් පිස්සු වැටිලා..?
ජනරැළිය ඇමතුවේ නිරුවතින්ද?
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ... මේ රටේ මිනිසුන්ට තියෙන අනේක ප්‍රශ්නවලට කවදාවත් කිසිම උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒත් ඉතින් මුන් වලපල්ලට යනකම්ම බලය තියාගෙන ඉන්න උත්සාහ කරයි. මෝහෙන් මුලාවෙලා අපායට යනතුරු...!
හිටපු නෙවෙයි ජනතාව දූෂිත රාජපක්ෂලා එළවලා ඉවරයි. ආයෙමත් ජනතාව ගොනාට අන්දවන්ට වගේ ලෑස්ති වෙන්නේ? අද ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ දූෂිත රාජපක්ෂ පවුල් පාලනේ ඔවුන් කරපු මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නිසා...!
අනිත් අයට වගේම පොහොට්ටුවටත් තමන් කැමති දේශපාලනය කිරීමේ අයිතිය මේ රටේ තියෙන්න ඕනෑ. රටටම ජීවත් වීමේ අයිතිය දුන්නු අය තමයි එහි නායකත්වයේ ඉන්නේ. ඡන්දයක් ආ විටෙක දී රටේ මිනිස්සු තීරණය කරයි කාටද ඡන්දෙ දෙන්නේ කියලා. මෙතන කොමෙන්ටු කොටන සජබ කුලී හේවායින් ඒ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැනවත් දන්නේ නැද්ද? මෙවන් රැලකට රටේ බලය ගියොත් මොනවායින් මොනවා වෙයිද?
ලැජ්ජා නැද්ද? මේ මිනිස්සුන්ට රටම බංකොළොත් කරලා දැන් එනවා එක්ව නැගිටිමුලු... මේ කාලකණ්ණි රටම කෑවා...!
මොවුන්ට හෙණ ගහන්න ඕනේ... රට බංකොළොත් කරලා මිනිස්සු පාරට ඇදලා දැම්මාට...!
පොහොට්ටුවෙ දූෂිතයන්ට කඩේ යන මොලේ උඩ ඉන්න වහල්ලු ඩිස්ලයික් කරලා .රට බන්කොලොත් කෙරුවා මදිවට ලැජ්ජාවකුත් නැහැ.
රටම හොරාකාලා විනාශ කරලා, දැන් එක්ව නැගිටිමුලු. මේවාට දෙකොනින්ම හිනා යනවා. ලැජ්ජයි, හිරිකිතයි, නින්දිතයි. ආයෙමත් බොරුවෙන්, වංචාවෙන් ජනතාව අන්දන්නයි හදන්නේ...
පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවල අය ආණ්ඩුවට කත්අදිනකන් ඔය පතන සිස්ටම් චේන්ජ් එක වෙන්නේ නැහැ..
දරුවෝ මන්ද පෝෂණ, මිනිස්සු වැඩිහරියක් බඩගින්නේ ලෝකේ සංවිධාන මේවා දකිනවා.
ඩිස්ලයික් දැමීමෙන් පේනවා ප්‍රභාකරන් කිව්වා වගේ සිංහල මිනිසුන්ට යමක් මතකයේ තියෙන්නෙ දින හතයි කියලා. නැත්නම් මොන මෝඩයෝද මුන්ගෙ පස්සෙන් යන්නෙ .ඇත්තටම පහුගිය කාලයේ සිදුවීම් මෙපමණ ඉක්මනින් අමතක කරන්න හැකිනම් ලංකාව කිසිම දවසක ගොඩගන්න නම් බැහැමයි .අරගල කරුවන්ට ජයවේවා
මහින්ද හදන්නේ ෆේක් සපෝට් රැස්වීම් සංවිධානය කරලා රනිල්ගේ ජනාධිපතිකම අපකීර්තියට පත් කරන්නයි. ආයෙත් බලයට එන්න හදනවා.