(රෝෂන් තුෂාර)

උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ දේපළකට  උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි කියන  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ආරක්ෂක, ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල් වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි  සැකකරුට  එරෙහි පැමිණිල්ල ජුනි  19 දින යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි  මහතා  (16) දින නියම කළේය .

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ ඇප මත සිටින සැකකරු අධිකරණයේ පෙනී සිටිි අතර  ඉදිරි දිනයේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවීමට මෙසේ දින නියම කෙරිණි.

2013 ජනවාරි  01 දින සිට 2014 ජූලි මස 01 දක්වා රුපියල් 64874987.34  උපයා ඇති බවට සඳහන් කර , රුපියල් 93179557 ක් වියදම් කිරීම තුළින්,  වත්කම් බැරකම් වල රුපියල් 28304570.34 ක පරස්පරතාවයක් පෙන්නුම් කිරීම තුළින් අයතාවත්කම් උපයා ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල ගොනුකොට ඇත.

නෙවිල් වන්නිආරච්චි  සැකකරු විසින් වීරකැටියේ වලස්මුල්ල පාරේ අක්කර 03 පර්චස් 38ක විහිදී ඉන්ධන පිරමුම්හල,පල්ලෙ කැලේ ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් 4550500.00ක් වටිනා නිවස,මහරගම ප්‍රදේශයේ ලක්ෂ 125 වටිනා නිවස,දෙමටගොඩ ලක්ෂ 1650000.00 ක නිවස,තිස්සමහාරාම අකුරුගොඩ ප්‍රදේශයේ ඉදිකිරෙමින් පවතින හෝටලය,කෝට්ටේ මාදිවෙල ලක්‍ෂ 400 ක් වටිනා තෙමහල් නිවස ,බෙලිඅත්ත හා වීරකැටිය නගරවල කඩ කාමර  ඇතුළු  දේපල රැසකට උරුමකම් කීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම විමර්ශනය සිදු කරයි.