(සුජිත් හේවාජුලිගේ )
විනෝද සංචාරය සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් නුවරඑළියට දූ දරුවන්ද සමඟ පැමිණි තුන් සියයකට වැඩි පිරිසක් සිය වාහනවලට ඉන්ධන (ඩීසල් ) සපයා ගැනීමට නොහැකිවීම නිසා දින කිහිපයක් තිස්සේ නුවරඑළිය නගරයේ සිරවී සිටින බව වාර්තා වේ.
විනෝදය සඳහා පැමිණි මෙම පිරිස් මෙනිසා දැඩි පීඩාවට පත්ව සිටිතියි දැනගන්නට ඇත.
සමහරුන් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම් හල්හි දිගු පෝලිම්වල එක දිගට පැය ගණන් රැඳී සිටිනු දක්නට ලැබෙන බව පොලිස් ආරංචිමාර්ග වලින් පැවසේ.
නුවරඑළිය නගරයේ පිහිටා ඇත්තේ ඉන්ධන පිරවුම්හල් දෙකක් පමණි. ඉන්ධන සඳහා තදබදය උග්‍රවීමට මේ තත්වයද ප්‍රධාන හේතුවක්වී ඇතැයි ජනතාව පවසති.
මේ අතර ඉන්ධන පෝලිම් නිසා නුවරඑළිය නගරයේ විශාල රථ වාහන තදබදයක්ද ඇතිවී තිබෙන බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ විනෝද සංචාරය සඳහා නුවරඑළිය නගරයට පැමිණි විශාල පිරිසක් ඉන්ධන හිඟය නිසා දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවයි.
ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා ගෙන පැමිණෙන්නැයි මේ නිසා තමා පිට පළාත්වලින් නුවරඑළිය පැමිණෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
නුවරඑළිය නගරයට ආසන්න නගරවල ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන සඳහා ලොකු තදබදයක් නොපවතින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි පැවසූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා නුවරඑළියට පැමිණෙන ජනතාවට ඉන්ධන ලබා ගැනීම සඳහා එම පිරවුම්හල්ද යොදාගත හැකි බව දැනුම් දුන්නේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නුවරඑළියට විනෝද ගමන් ගිය 300ක් ඉන්ධන නැතුව හිර වෙති
Bamunuarachchi Wednesday, 02 March 2022 05:45 PM
අනේ ඉතින් අපිට මොකෝ? රටේ ලෝකේ වෙන්නේ මොනවද කියා නොදැන ජීවත් වෙනකොට ඔහොම වෙනවා.
anura Wednesday, 02 March 2022 06:25 PM
නැව ගිලුණත් බෑන් චූන් ගහන්න ගියහම ඔහොම වෙනවා.
de silva Wednesday, 02 March 2022 08:10 PM
මේ කොරෝනා අස්සේ මොන විනෝද සංචාරද? නමුත් ඉන්ධන ලබාදෙන්න බැරි ආණ්ඩුව ෆේල්...
wijesena Thursday, 03 March 2022 08:24 PM
තෙල් අර්බුදයක් තියෙද්දී මොකටද විනෝද ගමන් යන්නේ? දූර දර්ශීව කටයුතු කළොත් නේද හොඳ?