
(ආර්.එෆ්.එම්.සුහෙල්)
මාස ගණනාවකට පසු නුවරඑළියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑලියට පැමිණි ලාෆ් ගැස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගැස් මිල දි ගැනිමට නුවරඑළිය ප්‍ර දේශයේ ලාෆ් ගැස් පාරිභෝගිකයෝ (23) දින පියවර ගත්හ.
කිලෝ 12.5 සහ කිලෝ 5 ගෘහස්ථ ගැස් සමාගමේ ලොරි රථයෙන් නුවරඑලියට ප්රරවාහනය කල අතර , එම ලොරි රථය නුවරඑලිය නගරයට ආසන්නයේ ගාල් කර තිබියදි ලාෆ් ගැස් පාරිභෝගිකයන් එම ස්ථානයට පැමිණ ලොරි රථයේ සිටි සේවකයන්ට මුදල් ලබා දි ගැස් ලබාගෙන යන අයුරු දක්නට ලැබුණි.
ලාෆ් ගැස් සමාගම විසින් කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් රු 4278 ටත්,කිලෝ 5 කුඩා ගැස් සිලින්ඩරයක් රු 1720 මිලකටත් අලෙවි කෙරිණ.
ලාෆ් ගැස් පාරිභෝගිකයන් කියා සිටින්නේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන් වෙත තොග නිකුත් කිරිමෙන් පසු ඔහුන් ගැස් වැඩි මිලට අලෙවි කරන නිසා තමන් සමාගමේ ලොරි රථයෙන්ම ගැස් මිල දි ගැනිමට පියවර ගත් බවයි.
ලාෆ් ගැස් පාරිභෝගිකයන්ට සාධාරණ ලෙස ගැස් ලබාදිමට පියවර ගත් නුවරඑළිය පොලිසියේ නිලධාරින්ට සහ සමාගමේ ලොරි රථයේ සේවකයන්ට ගම්වාසිහු කොළ කැද සංග්‍රහයක්ද එම ස්ථානයේදි පැවැත්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් නැතුව මිනිස්සු පිස්සු වැටිලා... පෝලිම්වල රස්තියාදු වෙනවා.. එහෙම තියෙද්දී ගෑස් ගැන ප්‍රචාරක දැන්වීම් මොකටද? මම අද දැක්කා ලිට්‍රෝ ගෑස් ප්‍රචාරක වෙළෙඳ දැන්වීමක් රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය වෙනවා... අනේ මෙහෙමත් අපරාධ...!