
(අංජුල මහික වීරරත්න)
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වන යෝජිත සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමට 2024-04-29 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ.
එම පවරා දීමට විරුද්ධව තැපැල් සේවකයින් මෙන්ම සිවිල් සංවිධාන හා පොදු මහජනතාව අතරින් විරෝධතා එල්ල විය.
එම ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පෙර පරිදිම යොදා ගැනීමට සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිත කිරීමට හැකි වන පරිදි සකස් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පසුව තීරණය කර තිබේ.
ඒ අනුව, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හා ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට ගෙන ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අහෝසි කිරීමටත්, දේශීය / විදේශීය සංචාරක ආකර්ෂණය වර්ධනය කර ගැනීම සහ නව ආදායම් උත්පාදන මාර්ග වැඩිදියුණු කර ගැනීමට හැකි වන පරිදි එකී ගොඩනැගිල්ල සහ ඉඩම නවීකරණය කිරීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඕක කළින් ප්ලෑන් කරා වගේම විකුණමු. විකුණලා ඒ සල්ලිවලිනුත් එදා වේල ටුවර්ස්
කජු සීයා හරියට පොර බැදුවා ඕක විකුණන්න. එහෙම කළා නම් ඔය කියන කිසිම ප්‍රශ්නයක් නැහැ.
රනිල්ගේ වැඩ ටිකම චුට්ටක් වෙනස් කරගෙන යන පාටයි...