(ඉන්දිකා රාමනායක,ගාමිණි ඉලංගන්තිලක, රංජිත් රාජපක්ෂ)

රාගල පොලිස් වසමට අයත්, රාගල වත්ත, උඩ කොටසේ පිහිටි නිවසක ඊයේ (07) රාත්‍රී 10.30 ට පමණ ඇති වූ හදිසි ගින්නකින් ඒම නිවසසේ පදිංචිව සිටි මව, පියා  සමග දරුවන් තිදෙනකු ඇතුළු පස් දෙනකු නිවස තුළම පිළිස්සී  මිය ගොස් ඇති බව රාගල පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, රාමයියා තංගයියා(59) ඔහුගේ බිරිඳ වන සිවනුමුත්තු ලෙච්චුමී (54),  ඔවුන්ගේ දියණියක්  වන  ජෙයකුමාර් නදියා (35), ඇගේ වයස අවුරුදු 11 ක හා අවුරුදු 01 ක දරුවන් දෙදෙනෙකි.

මෙම ගින්නෙන් නිවස සම්පූර්ණයෙන් දැවී විනාශයට ලක්ව ඇති බවත්,  ගින්නට හේතුව මෙකෙත් අනාවරණය වී නොමැති බවත් සිද්ධිය සම්බනධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන රාගල පොලීසිය පවසයි .

රාගල පොලීසියේ නිලධාරින් ප්‍රදේශවාසීන් සමග ඒක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

(ඡායාරූප ගාමිණි ඉලංගන්තිලක)

(ශාන්ත චන්ද්‍රසිරි)