
(රංජිත් රාජපක්ෂ)
එළවළු වර්ග රැසක මිල මේ වනවිට පහත වැටි ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි.
එලවළු වර්ගවල මිල පහත වැටිම හමුවේ එලවළු ගොවියාට විශාල පාඩුවක් සිදු වි ඇති බව ද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
මේ වන විට එලවළු මිල පෙර මාසවලට සාපෙක්ෂව අඩුවක් පවතින අතර ලික්ස් රු 160-170 , ගෝවා රු 200 , කැරට් රු 400 , බිට්රුට් රු 300 , රාබු රු 40-50 වශයෙන් අලෙවි වී ඇත.
පොහොර මිටියක් රු 9500 යි , යුරියා මිටියක් රු 22500 යි , වැඩ කරන කම්කරුවෙකුට රු 2000 පමණ ගෙවා වගාකළ එළවළුවල මිල පහත වැටීම ගොවියන්ට විශාල පාඩුවක් බවත් එලවළු බිජ ලබා ගැනිමේදි පෙර ලැබුණු වට්ටම් කිසිවක් නොලැබෙන බව ද ගොවියෝ පවසති.
ඉස්සර බිජ ටින් ලබා ගැනිමේදි මුදල් ගෙවිමට යම් කාලයක් ලබා දුන්නා නමුත් දැන් එලෙස කාලයක් නොදෙන බව ද ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති කියයි.
පොහොර ගැටළුව නිසා එලවළු වල ගුණාත්මකභාවය අඩු වෙලා තියෙනවා , ඒ නිසා එම එලවළු මිල දි ගැනිමට ව්‍යාපාරිකයන් කටයුතු කරන්නේ නැ , අඩු මිලට තමයි අලෙවි කරන්න වෙන්නේ.
එලවළු මිල වැඩි වුණාම පාරිභෝගිකයන් මිල දි ගන්නේ ගුණාත්මකභාවයෙන් වැඩි එලවළු පමණයි.
ගුණත්මක භාවයෙන් අඩු එලවළු මිල දි ගන්නේ නැ , ඒ නිසා ව්‍යාපාරිකයන් දැඩි වෙහෙසක් දරනවා එම එලවළු අලෙවි කරන්න. යනුවෙන් ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති වැඩිදුරටත් කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළවළු මිල වගේම පොහොර බීජ.. මේ සියල්ල දේශීය හා ජාත්‍යන්තර වෙළඳ පලේ ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වනබව තේරුම් ගෙන ඔය අඳෝනාව නවත්ත ගනිල්ලා. හැමදේම ආණ්ඩුවෙන් කරනකන් බලන් ඉන්නේ නැතුව තනියම නැගිටින්න පුරුදු වෙයල්ලා..!
කරුණු කෙසේවුවත් බොහෝමයක් පාරිභෝගිකයින්ට ඔය එළවළු මිළ අඩුවීමේ වාසිය හිමි වෙන්නේ නෑ. ගොවියාට සාධාරණ මිලක් ලැබෙන්නෙත් නෑ. මෙන්න මේක කලමණාකරණය කරන්න තමයි බලධාරීන්ගේ මැදිහත් වීම අවශ්‍ය වෙන්නේ... දැන්වත් කරුණාකරලා අපෙන් වඳවී ගිය දේශීය බීජ වැඩි දියුණු කර නැවත ගොවීන් අතරට යවන්න. දැන් ගොවීන් වගාකරන බොහෝමයක් විදේශීය බීජවලට වැඩිය අපේ බීජවල ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩියි. නමුත් සියල්ලම කොමිස් මත තීරණය වන කාලයක මෙය ක්‍රියාත්මක කිරීමට වුවමනාවක් කිසිවෙකුට හෝ තිබේදැයි සැක සහිතයි...
ස.ප්රේ. සහ අ.කු.දි. මහත්වරුන්ගේ ගෝල බාලයින්ට අසුබ පුවතක්. පොදු ජනතාවට සුබ පුවතක්...!
සර්ගේ විකාර වැඩ නිසා ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම අමාරුවේ වැටිලා...
ජෙප්පෝ මීක් නැහැ. ඒ ගොල්ලන්ට නොමිලේලු එළවලු හම්බ වෙන්නේ...!