සුමතිපාල දීයගහගේ
පුරා වසර 45 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අැමෙරිකාවේ නිව්යෝක් ශාඛාවේ සභාපති තනතුර දැරු තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව අධිකරණ ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාට දුරකතනයෙන් දැන්වූ විට එම අස්වීම පිළිගත් නමුත්බ ඉල්ලා අස්වීමට හේතුව නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් නොවිමසිම පිළිබද කනගාටුවට පත්වන බවද නන්ද රණසිංහ මහතා පැවසිය.
සෞඛ්‍ය හේතුන් මත නන්ද රණසිංහ මහතා එම තනතුරින් ඉල්ලා අස්වූ බවද රණසිංහ මහතා සදහන් කළේය.
මේ පිළිබද වැඩිදුරටත්අද (15) තම නිවසේ සිට අදහස් දැක්වු නන්ද රණසිංහ මහතා මෙසේද පැවසිය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටින විට මම 1975 දී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති
කාර්යාලයේ සේවයට ගියා. එවකට ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස ෂර්ලි අමරසිංහ මහතා කටයුතු කළා. එතුමාගේ කාර්ය මණ්ඩලයේ මම කටයුතු කළා. අමරසිංහ මහතාගේ තානාපති සේවය අවසන්වු පසුව මම නිව්යෝක් නගරයේ පෞද්ගලික සමාගමක රැකියාවක් ලබා ගත්තා.
මේ කාලයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනි ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කටයුතු කළා. එතුමියගේ
ඉල්ලීම අනුව 1975 දී මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිව්යෝක් ශාඛාවේ සභාපති තනතුරට පත් වුනා.
ඊටපසුව පක්ෂය වෙනුවෙන් මම කළ හැකි දේ උපරිම මට්ටමින් කළා. පසුව පක්ෂයේ සභාපතිවරයාවූ මහින්ද රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ඇතුලු පක්ෂයේ ප්‍රබලයින් රැසක් නිව්යෝක් නගරයට පැමිණි විට ඔවුන් පිළිගනු ලැබුවේ මම විසින්. පක්ෂයේ රැස්විම් පැවැත්විමට නිව්යෝක් නගරයේ සියලු පහසුකම් මම ලබා දුන්නා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුලු පක්ෂයේ නායකයින් මේ බව හොදට දන්නවා.
මම අසනීපවූ නිසා නිව්යෝක් නගරයේ සිටආපසු මව්බිමට පැමිණ අහංගම පිහිටි මගේ නිවසේ නතර වුනා. නමුත් මම පක්ෂය වෙනුවෙන් කළ යුතු කටයුතු නොපිරි හෙලා ඉටු කළා.
තව දුරටත් නිව්යෝක් ශ්‍රී ල නි ප ශාඛාවේ සභාපති තනතුර දැරිම සුදුසු නොවන නිසා එම තනතුරින් ඉල්ලා අස්විමට තීරනය කළා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිව්යෝක් ශාඛාව භාරව සිටි අධිකරණ ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාට දුරකතනයෙන් කතා කර මම නිව්යෝක් ශාඛාවේ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව කීවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් සිරිපාලම ඉන්නේ මොන පක්ෂෙද කියලා අපි මේ හිතාගන්න බැරිව ඉන්නේ....
යාළුවා ලංකාවේ ශ්‍රීලනිපෙ සංවිධායක කමක් අවුරුදු 5-10 කරපු මිනිස්සුන්ට පැට්රල් ෂෙඩ් , අරක්කු බාර් , වැලි පර්මිට් , ඇතුළු මෙකි නොකී දේවල් තිබෙනවා... නිව්යෝර්ක් සංවිධායක ගෙන් ඇති වැඩක් නැහැ , ශ්රීලනිපය එහෙ චන්දෙ ඉල්ලන්නේ නැහැනේ? ඔබතුමා අවුරුදු 45 ඔය නායකයන්ට ගොට්ට ඇල්ලුවට දැන් කවුරුවත් ඔබ ඉන්නවද? මලාද? කියලවත් බලන්නේ නැහැ... ඔබතුමාට ඕක අවුරුදු 45 ගිහින් හරි තේරුණා එක ලොකු දෙයක්..., සමහරු මිය යන්නෙත් ඔය දෙය තේරුම් ගන්න බැරුව....
පක්ෂ දේශපාලනේට සම්බන්ධ වුනු අයගේ වරුණේ අහනවට වඩා හොඳයි කොරෝනා හැදිලා මැරෙනවා.
නුවන් ළමයෝ, උන්නැහේ දැනට මොන පක්සේක ඉන්නවා කියල කිවුවත් චන්දෙන් පස්සේ දිනපු පක්සේට පනිනවා ෂුවර්. ඇමතිකමක් නැතුව ඉන්න අමාරුයි!
මේ වෙලාවේ නිමල් සිරිපාල ඉන්නේ අල්ලපු අත්තත්, පයගපු අත්තත් යන දෙකම නැතුව , නිමල් සිරිපාලගේ රැවුල ගිනි අරගෙන ඉන්න අවස්ථාවේ මෙයා එනවා සුරුට්ටු පත්තු කරන්න...
පක්ෂයේ ලේකම්ට (දයාසිරි ජයසේකරට) නේද පක්ෂ තනතුරෙන් අයින්වන බව දැනුම් දෙන්න ඕන? පක්ෂ ව්‍යවස්ථාවේ තිබෙන දෙය ශාඛා සභාපතිතුමා දන්නවා ඇතිනේ?
සමහරවිට නිමල් සිරිපාල හිතන්න ඇති මෙතුමා තනතුරෙන් ඉවත්වන්නේ අනිත් බහුතරය වගේ පොහොට්ටුවට යන්න කියල වෙන්න ඇති, ඉතින් වැඩිපුර ප්‍රශ්න අහන්න ගිහින් පොහොට්ටු නායකයෝ අවුල් කරගන්න ඕනේ නැති නිසා අස්වීම භාරගන්න ඇති...
මේ මුළු කතාවම අප දැනගැනීමේ ඇති වැදගත්කම මොකක්ද?
අප්පට සිරි. හඳේත් ශ්‍රීලනිප ශාඛාවක් ඇති? ඇයි වතාවක් හඳෙන් හරි හාල් ගේන්නම් කිව්වේ. අපේ අහිංසක මෝඩයෝ එකත් විශ්වාස කළා.
තානාපති සේවයට ගිහින් ගල් වෙච්ච කෙනෙක් , හප්පා ඒකෙත් එච්චර පුදුමයක් නෑ...පක්ෂවල තනතුරු තියෙන එක....
කොරෝනා මොන ප්‍රශ්නයක්ද? මේ ගැන මුළු රටම කතා වෙනවා...
නිව්යෝක් නගරේ දහස් ගණනක් මැරිලා.ලෙඩ්ඩු රෝහල් වල, කොරිඩෝවල මළමිනී වලලාගන්න බැරුව කුල් කන්ටේනර් වල පුරවලා හරියට විසාලා මහනුවරක් වගේ. මුළු ලංකාවෙත් ඇදිරිනීතිය දමලා මිලියන 22 ජනතාව අපහසුතාවයට පත්වෙලා මෙයට තිබෙන ලොකුම ප්රශ්නය ඉල්ලා අස්වීමේ ලිපිය යැවුවහම අස්වෙන්න හේතුව කුමක්ද කියලා නිමල් සිරිපාල අහපු නැති එක.
දුෂිත් දේශපාලුවන්ගේ කෙරුවාව තේරුම් ගියානම් ලොකු දෙයක්.
මෙයා ඇවිල්ල හරිම අවස්ථාවාදියෙක්. ශාඛාව වෙනුවෙන් දරදිය ඇද්ද අය කොහෙවත්.. තනියම නම දා ගත්තා. ශාඛාවෙන් විතරක් නොවේ. ගෙදරිමුත් පන්නගෙනයි තියෙන්නේ. දන්නෝ දනිති.