IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නවය වසරේ සිට කැමති පාරක යන්න සිසුන්ට අවසර

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නවය වසරේදී දරුවන්ට කැමැත්ත සහ හැකියාවන් මත විෂය තෝරා ගැනීමේ අවස්ථාව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබා දෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එය  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල විප්ලවීය ඉදිරිගාමී පියවරක් බවද මන්ත්‍රීවරයා කීය.

"අප බලාපොරොත්තු වන සංස්කෘතික මිනිසෙක් ඇති කරන්න නම් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් විය යුතුයි.මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු අපේ ජනමතයට එරෙහි දෙයක් නොවේ.ඉතිහාස විෂය ඉවත් කර ඇතැයි තවත් දුර්මතයක් යනවා. ඉතිහාසය -සෞන්දර්ය ඉගෙනීම අනිවාර්යයි.පූර්ව ළමා විය සංවර්ධනයේ වගකීම රජය විසින් ගන්නා බව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන්ව තියෙනවා.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඒ කාරණය තිබෙනවා.නවය වසරේදී දරුවන්ට කැමැත්ත සහ හැකියාවන් මත විෂය තෝරා ගැනීමේ අවස්ථාව ලබා දෙනවා.එය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල විප්ලවීය ඉදිරිගාමී පියවරක් බව කිව යුතුයි.එමෙන්ම වෘත්තීය හැකියාවන් මත ඉදිරියේදී වෘත්තීය විශ්ව විද්‍යාල බිහිවෙනවා.ශිෂ්‍යත්වය කියන්නේ අනවශ්‍ය පීඩාවක්.පාසල් හැම එකක්ම සමාන තත්ත්වයට ගෙන ඒමෙන් ශිෂ්‍යත්ව විභාගයේ  අවශ්‍යතාවය නැතිව යනවා" යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (5)

නවය වසරේ සිට කැමති පාරක යන්න සිසුන්ට අවසර

කපුරුහාමි Thursday, 24 July 2025 03:57 PM

හාමුදුරුවරුන්ට දානේ හම්බවෙන්නේ නෑ. පෙරහැර පවත්වන්නේ නැහැ කියලා පට්ටපල් බොරු බේගල් සමාජගත කරපු දූෂිත දේශපාලුවන්ට මොනවා කියන්න බැරිද?

:       6       21

Nelu Thursday, 24 July 2025 05:07 PM

9 වසරේ ඉගෙනුම සඳහා පිවිසෙන්නේ වයස අවුරුදු 14ක පමණ දරුවන්... ඔවුන්ට තනි තීරණ ගන්න තරම් මෝරපු දැනුමක් තිබෙනවද? මේ තීරණ ආණ්ඩුවෙන් ගන්නකොට අදාල පිරිස් වන ගුරුවරුන් දෙමවුපියන් සහ සමාජයේ අනිකුත් අයගේ යෝජනා සලකා බැලුවාද? අධ්‍යාපන ඇමැතිතුමිය රජයේ පාසලක හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලංකාවේ ලබපු කෙනෙක් නොවෙයි. එසේම එතුමිය පාසල් සහ ළමා අධ්‍යාපනය ගැන විශේෂඥයෙක්වත් නොවෙයි. අපිත් දෙයක් කරා කියලා කරන්න ගිහින් අපේ රටේ අනාගතය නැතිවෙන දේවල් නම් කරන්න එපා.

:       26       13

JayasekaraFriday, 25 July 2025 09:52 AM

අවුරුදු 14 දරුවෙක් කියන්නේ අත දරුවෙක් නොවෙයි... අපේ රට තාම දන ගාන්නේ ඔය වගේ ආකල්ප තියෙන නිසා... දෙමාපියන් ළමයින්ව තොත්ත බබාලා විදියට හැමදාම හිතුවොත් රට එක තැන පල්වෙනවා... කරදඬු උස් මහත් උන ළමයින්ගේ ඉස්කෝල පොත් බෑග් එක අම්මලා තාත්තාලා කරේ එල්ලන් යනකොට කොහොමද අනාගතය භාරගන්න ඉන්න ජීවනාලිය බඳු දරු පරපුරෙන් වගකීම් සහිත වැඩිහිටි පරපරාවක් බිහිවෙන්නේ?

:       2       3

Perakum Liyanagama Thursday, 24 July 2025 08:29 PM

ඔය කියන දුර්මත පලකරන අයට එරෙහිව නීතිය තරයේ ක්‍රියාත්මක නොකරන්න හේතුව එය දුර්මතයක් නොවන නිසා නේද?

:       3       6

Perera Friday, 25 July 2025 07:22 AM

ඔව්, ඉතින් කලා උපාධි අරන් මහා පාරේ යනවා වෙනුවට 9 වසරේ ඉඳන් කැමති පාරට ගියාම හොඳයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site