(ඩයනා උදයංගනී)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් අතර පිරිසට ෆයිසර් එන්නත ලබාදුන්නේ රජයේ උපදෙස් අනුව බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසීය.
නමුත් විය යුත්තේ රජයේ උපදෙස් අනුව එන්නත්දීම නොව සෞඛ්‍ය උපදෙස් අනුව රජය කටයුතු කිරීම බව කී වෛද්‍යවරයා මෙහිදී වී ඇත්තේ පරස්පර දෙයක් බවද සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ ගත් තාක්ෂණික තීරණ අනුව එන්නත්කරණ කටයුතු කළේ නම් සිදුවූ මරණ බොහොමයක් වළක්වා ගත හැකිව තිබූ බවද වෛද්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොවිය යුතු දෑ රජයෙන්ද, GMOA ද ඇතුළුව ජනතාවගෙන්ද දිගින් දිගටම සිදු කිරීමෙන් රටම ප්‍රපාතයට වැටී ඇත. ජනතාවට ආදර්ශ දී මග පෙන්වීමට පාලක පන්තිය අසමත් වී ඇත...
රජයයි සෞඛ්‍ය අංශයි කියන්නෙ දෙකක් නෙවෙයිනෙ. මෙයාලා හැමදාම වෙනම ලෝකයක් මවාගෙනයි ජීවත් වෙන්නෙ
දොස්තරලා ඉන්නේ GMOA එකේ විතරක් නෙමෙයි මහත්තයෝ .ඔයාලා විතරක් නෙමෙයි ඉන්න එකම දොස්තරලා .රජයේ ආයතන වලත් ඉන්නවා දොස්තරලා .ඔයාලා කියන එකම කරන්න නම් රජයක් ඕනි නැහැ නේ .රජය එයාලගේ වැඩේ කරයි .ඔයාලා ඔයාලාගේ වැඩේ කරන්න .හැම එකටම බනින්නේ නැතුව
විශේෂයෙන් කතිරය ගැසීමේදී ජනතාවද කඩේ ගිය GMOA ද සිදු කොට ඇත්තේ නොකළ යුතු දේවල්ය .
ඇයි ඔයගොල්ලන්ගෙ ලොක්ක ඉන්නේ සර් ගෙ කරේනෙ. කියල කොරෝගන්න තිබුනානෙ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව ලංකාවේ පුරවැසියන් නොවේද? සියලුම එන්නත් ශ්‍රී ලංකාවේ විශේෂඥයන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇතිනම්, ඒවා පිළිබද නොසොයා ලැබෙන එන්නත හොදම එන්නත බව සලකන ලෙස සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කරන පසුබිමක ෆයිසර් එන්නත ගැන පමණක් සොයන්නේ ඇයි? මොවුන් වෘත්තීයවේදීන්ද යන්න සැකය. හැමවිටම තම බලය තහවුරුකර ගැනීමට තැත්කරන බල කෑදරයන්ය.
රට පළාත් වලට බෙදලාම කතා කරන මිනිස්සු කොටසක් ඉන්න පළාතක්නේ ,අනේ මන්දා ලෝකේ කුඩා දූපත්වල හැටි ඔහොමයි .අර පුත්තලමේ කට්ටියට ප්‍රසිද්ධ නිසා වෙන්න පුළුවන් .පළාත් වෙන් කරගෙන මෙහෙම දේවල් මේ කාලේ ගෝත්‍රිකයොත් කරන්නේ නෑ
රිෂාඩ් බදුදීන් හිර ගෙදරදි දොස්තර මහත්තෙයෙකුට මරණ තර්ජනය කලා කියල මාධ්‍ය යෙන් දැක්ක. ඒ දොස්තර මහත්තය වෙනුවෙන් ඔය ජී.ඇම්.ඕ එක කටක් ඇරියෙ නැත්තේ එයා දොස්තර මහත්මයෙක් නොවේද. එසේ නැත්නම් සමිතියේ සාමාජිකකත්වය අරගෙන නැද්ද. හම්බන්තොට තරුණ තරුනියන්ට පමනක් නොව මාතර දිස්ත්‍රික්කයටත් ෆයිසර් එන්නත් කලා මේ කොඩිව් වසංගතයෙන් අන්තිමට පචම වුනු සෙට් එක තමයි දොස්තර මහත්වරු. අපේ රටේ මිනිස්සු දේවත්වයෙන් සැලකුම් කරගෙන හිටියේ දැන් ...... එයාලා හිතාගෙන ඉන්නේ වෛද්‍ය වරු කියන්නේ රට පාලනය කරන පාලකයෝ කියලා. දොස්තර විභාග පාස් කලාට සමජ විභාගය ඔබලා අසමත්
පසුගිය මැතිවරණවලින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණට ආකර්ශනීය ඡන්ද ප්‍රතිශතයක් අරන් දුන්නාට පයිසර්වගේ එන්නතක් දීල ආණ්ඩුවේ යුතුකම ඉටුකරන්න එපායැ. අනික අරගොල්ලන්ගෙ පාරම්පරික නිජබිම් ප්‍රදේශය. ඒකයි රජය කියනදේ සෞඛ්‍ය අංශ පිලිගෙන තියෙන්නේ. අනිත් දිස්ත්‍රික්ක බොහොමයක සෞඛ්‍ය අංශ කියන දේ රජය සෑහෙන දුරකට පිලිගෙන ඇත. හැබැයි හැමදේටම දේශපාලනය නවත්තගන්න අසීරු තත්වයකයි ආණ්ඩුව සිටින්නෙ.
රටේ ඉන්න බයිය බයියන්ට වැඩි සැලකිලි.
දැන් ඕගොල්ලන්ගෙන් වැඩ අරගෙන ඉවරයි .ආයෙත් ලබන චන්දෙදි ඕගොල්ලන්ව ඕනේ වෙයි .එතකන් කට පියාගෙන ඉන්න
කොළඹට දුන්නා නම් කවුරුවත් කතා කරන්නේ නැහැ...
සල්ලි තිබෙන කෙනෙකුට ඩොලර් 10-15 හරි ගෙවලා කැමැති එන්නතක් ගන්න පුළුවන් ලෙස පුද්ගලික අංශයටද මේ එන්නත් ගෙන්වන්න ඉඩදෙන්න. වෙනත් බෙහෙත්වර්ග ෆාමසිවලින් ගන්න හොඳ නම් මොකක්ද මේකේ ඇති වැරැද්ද?