
නවදිල්ලි අගනුවර කාර් බෝම්බ පිපිරුම සම්බන්ධයෙන් ලෝක නායකයන් බොහෝ දෙනකු ඉන්දීය රජයට සොව පළ කර ඇත. ඊයේ (10) සවස නවදිල්ලි අගනුවර එම කාර් බෝම්බය පුපුරා ගියේ නව දෙනකුට දිවි අහිමි කරමිණි.
පිපිරුමට හසුවීමෙන් 20 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ද පැවැසෙයි.
එය ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරන අතර, ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. ඉන්දියාව පුරා ප්‍රධාන නගරවල ආරක්ෂාව තරකර ඇතැයි ද පැවැසෙයි.
ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ රට වැසියන්ට අනතුරු ඇඟවීම් කර ඇත්තේ, ඉන්දියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසය. ඉන්දියාවේ සංචාරය කරන්නේ නම්, ජනාකීර්ණ ස්ථානවල ගැවසීම හැකිතාක් සීමා කරන්නැයි ද කල්පනාකාරීව සිටින්නැයි ද ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ රට වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
සොව පළ කළ සෙසු රටවල් වන්නේ ආජන්ටිනාව, ප්‍රංශය, මොරොක්කෝව, ඕස්ටේ්‍රලියාව, ඉරානය යන රටවල් ඊයේ ඔවුන්ගේ තානාපති කාර්යාල හරහා ඉන්සීය රජයටත්, එරට වැසියන්ටත් සොව පළ කර තිබුණි.
පිපිරුම සිදුවී පැයක් පමණ යද්දී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් සිං පිපිරුම සිදුවුණු ස්ථානයට ගොස් පොලිස් ප්‍රධානීන් හමුවී සිදුවූයේ කුමක්දැයි විමසා බලා, සියලු විස්තර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දැනුම් දුන්නේය.
මාර්ගයේ ආරක්ෂක කැමරා දසුන් අනුව, පුපුරන ද්‍රව්‍ය පුරවා තිබුණේ හයිහුන්ඩායි වර්ගයේ මෝටර් රියක් තුළය. මෙම මෝටර් රථය නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල මෙට්‍රෝ උමං දුම්රිය පොළට පිවිසෙන මාර්ගය අසලට පැමිණ මාර්ගයේ සෙමින් සෙමින් ධාවනය වී ඇත.
එහි පුද්ගලයන් තිදෙනකු සිටි බව ද මේ වනවිට තහවුරු වී ඇතැයි පැවැසෙයි.
මෝටර් රථය රතු ආලෝක සංඥා හේතුවෙන් නතර වෙද්දී පිපිරීම සිදුවිය. පිපිරීමේ ප්‍රබලත්වය කිලෝ මීටරයක් දුරට දැනුණි.
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නවදිල්ලි බෝම්බ පිපිරුම: ලෝක නායකයෝ සොව පළ කරති
eresh s kumara Tuesday, 11 November 2025 09:16 AM
ඉන්දියාවෙන් ලංකාවටත් අනතුරු ඇඟවීම් කරල තියෙන්නෙ කොටි ත්‍රස්තවාදය නැවත හිස ඔසවන බවට.
Hafeel Tuesday, 11 November 2025 10:55 AM
මෙම සිදුවීම ඉතා කනගාටු වන අපරාධයකි. මෙය කිසිසේත්ම අනුමත කරන්න බැහැ . හැබැයි මේ ඉන්දියාව තමයි එදා උතුරේ ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට අවි ආයුධ, පුහුණු , මුදල් සහ රැකවරණය දීලා පෝසත් කලෙත්.