
ලොව නිවාඩු ගත කරන්නන් අතර ප්‍රසිද්ධ “හොඳම දූපත් 25” අතරට ශ්‍රී ලංකාව ද තේරී පත්ව ඇත.
ලෝ ප්‍රකට ට්‍රැවල්+ලෙෂර් (Travel+Leisure (T+L)) සඟරාව තේරූ හොඳම දූපත් 25 අතරට මෙරට ශ්‍රී ලංකාව තේරී පත්ව ඇත.
ඇමෙරිකාවේ මාධ්‍ය සමාගමක් වන මෙරඩිත් සමාගම ට්‍රැවල්+ලෙෂර් (Travel+Leisure (T+L)) ප්‍රකාශයට පත් කරන අතර ඔවුන්ගේ නවතම කලාපය සැප්තැම්බර් 8 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදි.
මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 24 වැනි ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව සමඟ සීෂෙල්ස් රාජ්‍ය ද 24 වැනි ස්ථානයට පත්ව ඇත. දෙරට ම ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 88.20 කි.
මේ වසරේ ජනවාරි 11 වැනිදා සිට මැයි මස 10 වැනිදා දක්වා පැවැති ඡන්ද විමසීමකින් පසුව මෙම රටවල් තෝරාගෙන ඇතැයි ට්‍රැවල්+ලෙෂර් සඟරාව සඳහන් කරයි. ලොවපුරා පැවැති කොවිඩ්-19 සංචරණවලින් බොහෝමයක් ලිහිල් කිරීමෙන් පසු එම ඡන්ද විමසීම පැවැත්වූ බව ද අදාළ සඟරාව සඳහන් කර ඇත.
පසුගිය වසර තුනක කාලයේ දී තමන් ලැබූ අත්දැකීම් සම්බන්ධයෙන් අදහස් බෙදාගැනීමට ද මේ සඳහා පැවැති සමීක්ෂණයේ දී පාඨකයන්ට අවස්ථාව ලබා දී තිබිණි.
මෙම ලැයිස්තුවේ මුල් තැනට පත්ව ඇත්තේ ග්‍රීසියට අයත් දූපතක් වන මිලෝස් දූපත යි. එම දූපතට හිමි ව තිබෙන ලකුණු සංඛ්‍යාව 95.50 කි.
ප්‍රධාන සහ හොඳම නගර, දූපත්, සුඛෝපභෝගී නෞකා, සම්භාහන මධ්‍යස්ථාන, ගුවන් ගමන් හා සේවා, යනාදී කරුණු රැසක් කෙරෙහි මෙහිදි අවධානය යොමු කර තිබේ. මුහුදු වෙරළ, ස්වභාවික ස්ථාන, නැරැඹිය හැකි ස්ථාන, මිත්‍රශීලී බව, ආහාර යනාදී තවත් කරුණු රැසක් කෙරෙහි මෙම සමීක්ෂණයේ දී සහ ඡන්ද විමසීමේදී අවධානය යොමු කර ඇත.
පෘතුගාලයට අයත් ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩයින්ස්, මැඩෙයිරා, ඉන්දියාවේ අන්දමන් දූපත්, ඉතාලියේ සිසිලි, තායිලන්තයේ කෝ සමුයි, ඉන්දුනීසියාවට අයත් බාලි, හවායි දූපත්, ගලපාගෝස් දූපත්, යනාදී දූපත් 25ක් මෙම ලැයිස්තුවට ඇතුළත් ය.
ඩේලි එෆ්.ටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූපත හරිම ලස්සනයි .මිනිස්සු අපිරිසිදු කරලා වනසලා .පාර දෙපැත්තේ කුණු මලු විසි කරලා හරිම අප්‍රසන්නයි .පොලිතීන් ,ප්ලාස්ටික් බෝතල් කානු වල හිර වෙලා .මදුරුවෝ පොල් කුඩු ගානට .මේවා නතර කරන්න .දුටු තැන රුපියල් 1000ක් වත් දඩ ගැසිය යුතුයි .දැඩි නීති දාලා තමයි සිංගප්පුරුව හැදුවේ
අංක 1ට තිබුන තැනක් 25ට ගිහාම අපි සමරන්න ඕනෙ උඩින්ම.
නිහාල් කියලා තියෙන කතාව හරියටම හරි. ලංකාව ලෝකයේ තියෙන ඉතාම ලස්සනම දූපත් වලින් එකක්. මම ලෝකයේ රටවල් 48 ක සංචාරය කරල තියෙනවා. ඒ අතරින් ලංකාව ලස්සන තැනක්. හැබැයි ලස්සන රැකගන්නට අපේ මිනිසුන් මොනවද කරන්නේ? හැමතැනම කුණු ගොඩවල්. ටොෆියක් කෑවත් එහි දවටනය එතනම විසි කරන්නට පුරුදු වුණු ජාතියක් අපිට ඉන්නේ. මේවා හරිගස්සන්න ට ඕන පළවෙනි ශ්‍රේණියේ ඉඳලා. අධ්‍යාපන ක්රමයේ වරද නිසා සංචාරකයන් අතර ලෝකයේ තියෙන තැන නැති වෙනවා. ලංකාව ලෝකයේ පළවෙනි ලස්සන රට නොවුණත් එය 24ට ඛැසිය යුතු නැති බවයි මගේ හැඟීම. ඒ වගේම සංචාරකයන් ගෙන් නියමිත මුදලට වැඩිපුර මුදල් ගසා කන රටවල් අතරින් ප්‍රථම ස්ථානයට ලංකාව පත්වී තිබෙන බව ඔබ දන්නවාද? බොහෝ රටවල් සංචාරකයන්ගෙන් වැඩිපුර මුදල් ගැනීම තහනම් කරලා. ඔවුන් ගෙවිය යුත්තේ සාමාන්‍ය මිනිසුන් ගෙවිය යුතු මුදල මයි. එවිටයි රටට විදේශිකයන් වැඩි වැඩියෙන් පැමිණෙන්නේ. බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා ඇති වෙනවා. ඒ නිසා වැඩි වාසියක් අත් වෙනවා. සංචාරකයන්ගෙන් අමතරව වැඩිපුර ගණන් හොයන්න අවශ්‍ය නෑ. ඒ වාසිය නොමිලේම හම්බ වෙනවා ලෝකයේ හොඳ රටක් විදිහට ප්‍රසිද්ධ උනහම. දැන්වත් අපි පරිසරය ගැන මෙයට වඩා හිතන්නත් සංචාරකයන්ට
දැන් ලංකාව 24 කියලා දොස් නගන අය කල්පනා කරලා බලන්න සංචාරක ආකර්ශනය වැඩි කරන්න විවිධ පියවර ගන්න යනකොට ඊට විරුද්ධ වීම නිවැරදි ද කියලා. ලිං මැඩියන් වගේ එක තැන පල් වෙන එක නවත්වා නව ලොවට ගැලපෙන විදියට වෙනස් වෙන්න. අධ්‍යාපනයත් ආර්ථිකයත් ගොඩ ගන්න නම් එය විය යුතුයි.
අපේ බැසිල් මහත්තයාව සංචාරක අැමැති කරන්නකෝ.. ලංකාව අංක 01ට ගෙනෙයි.
සංචාරක ආකර්ශනය වැඩි කරන්න විවිධ පියවර ගන්න යනකොට මෙතෙක් ගත්ත එක පියවරක් කියන්න නරඹන්න තියන දේවල් නරඹන්න ගියාම හදිසියකට යන්න වැසිකිලියක් සංචාරකයින්ට තියා ලාංකිකයින්ටත් නැහැ.. උදාහරණයක් ලෙස දඹුල්ල පන්සලේ රුපියල් 100ක් ගන්නවා වැසිකිළියට යන්න... සංචාරකයින්ගෙන් ටිකට් එකට අමතරව. අනික මහනුවර මාලිගාවට යන්නේ බුද්ධාගමේ වැදගත් තැනක් ලෙස එය නරඹන්න. එයත් දහස් ගණනක් ගෙවා බලන්න ඕනේ මේ දේවල් මේ විදිහට ගරා කෑමක් වෙනත් රටවල වෙන්නේ නැහැ.. සංචාරක සංවර්ධන අධිකාරි, ප්‍රවර්ධන අධිකාරි මේ සේරම බදු මුදල් කන කිසිම වැඩකට නැති ආයතන දෙකක්.. කතාව දෝලාවෙන් ගමන කකුල් දෙකෙන්...