
(ඔගස්ටින් ප්රනාන්දු)
නවගත්තේගම හිනාගම පවත්වා ගෙන ගිය සූදුපොළක සූදු කෙළිමින් සිටි නවගත්තේගම ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්රිවරයෙකු අත්අඩංගුවට ගත හැකි වු බව නවගත්තේගම පොලිසිය කියයි.
හදිසියේම ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් නවගත්තේගම හිනාගම වැව ඉස්මත්තේ පවත්වා ගෙන ගිය මෙම සූදු පොළ වැටලු බවත් පොලිසිය කියයි. එහිදි සුදු සෙල්ලම් කරමින් සිටි පිරිසක් පලා ගිය අතර 8දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. සූදුපොළේ තිබු රුපියල් 113,000 ක මුදලක් ද සිය බාරයට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් පිරිස අතර නවගත්තේගම ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්රිවරයෙකු ද සිටි අතර ඔහු මෙයට පෙරද සූදු පිටියක සිටිය දි අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවත් පොලිසිය කියයි.
සැකකරුවන් ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රාදේශීය සභාවල වැඩිහරියක් ඉන්නේ බූරුකාරයින් තමයි.
සියලු සුදුසුකම් සපුරා ඇත. වහාම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරන්න.
නවගත්තේගම මිනිසුන්ගේ ජීවන ක්රමය සූදුව වෙන්න ඇති. ඒකනේ සූදු කාරයෙක් පළාත් සභාවට පත්කර ගත්තේ..
මේක එච්චර ලොකු ඉශූ එකක් වෙන්න බෑ, බොරුනම් අහන්න චොකා මල්ලිගෙන්..
අයියෝ... මේ රට හදන වියත් මගේ කට්ටියනේ...!!!
බණ කතාකරනවද? සූදු කෙළීම, බේබදුකම වගේ කටයුතු දැන් දේශපාලකයින්ගේ විනෝදාංශනේ...! කොහොම වුණත් පොලිසියේ මහත්තුරු පරිස්සම් වෙන එක හොඳයි.
20 තිබුනානම් පොලිසියේ අයව වහාම ගෙදර අරින්න තිබුනා.
දැන් මේකේ මොකද්ද පුදුම වෙන්න තියෙන්නේ.?