(ඉන්දිකා රාමානායක)
සැකකටයුතු යාත්‍රා පරික්ෂා කිරීම සදහා දකුණු මුහුදු තීරයේ මෙහෙයුමක නිරත සිටි නාවිකයන් හයදෙනකු සමග යාත්‍රාවක් දින 20 ට අධික කාලයක් දින සිට අතුරුදන්ව ඇති බව නාවික හමුදාව පවසයි.
හය දෙනකුගේ සමන්විත මෙම නාවික හමුදා කණ්ඩායම (16) දින මෙහෙයුම සදහා දකුණු මුහුද තීරයට ගොස් ඇති අතර, (17) දින සිට ඔවුන්ගේ සන්නිවේදන බිඳ වැටීමෙන් මේ දක්වා ඔවුන් අතුරුදන්ව ඇති බව නාවික හමුදාව කියයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ දකුණු නාවික විධානයට අණුයුක්ත රාජකාරි කරමින් සිටි නාවිකයන් බවට නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.
නාවික හමුදාව මේ දක්වා එම මුහුදු ප්‍රදේශය සෝදිසියට ලක් කළ ද මේ දක්වා මෙම පිරිස හෝ යාත්‍රාව හමුවී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රේලියාවෙන් අහල බැලුවේ නැද්ද?
ඔස්ට්‍රේලියාව පැත්තට පාවෙලා ගියාද දන්නේ නැහැ.
අනතුරක්ද? ඔස්ට්‍රේලියාවේද?
කට්ටිය මෙලහකට ඕස්ට්‍රේලියාවේ ඇති සුවසේ
නැව තියෙනවෝ.... ඕස්ට්‍රේලියාවේ...! ඉදිරියේදී තවතවත් නුඹලා එපෝ... නැව එවපියෝ...!
ඔස්ට්‍රේලියාවට ඇතුල් වෙන එක ලෙහෙසි නැහැ. ගියා නම් හොඳයි. අනතුරක් නොවේවා.
කාර්මික දෝෂයක් නිසා මහා සාගරයේ ඈත මුහුදට ගසාගෙන ගියාවත්දෝ. ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ නෞකාවකින් මෙම නැවියන්ව බේරගෙන තිබුණ නම් හොඳයි. නිරුපද්‍රිතව ඔවුන්ට නැවත ගොඩබිමට පැමිණීමට හැකිවේයැයි පතමු.
ඔවුන් රටින් ඉවත් වේවි..!
මේක ‘‘දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා‘‘ සීන් එකක් වගේ. ඒ කියන්නේ අහුවුණොත් කාර්මික දෝෂයක් නිසා බෝට්ටුව ගියා ඕස්ට්‍රේලියාව පැත්තට. අහුවුණොත් ඕස්ට්‍රේලියාවට පැන්නා..
ඔය වගේ එකක්වත් හොයාගන්න බැරිවැද කයිවාරු ගහන්නේ.