(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් පිරිසක් කළ පහරදීමක් හේතුවෙන් එම සරසවියේ සමාජ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් පස් දෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ඇතැයි හෝමාගම මූලික රෝහල් ආරංචි මාර්ග පවසයි.

නවකවදය සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය පොලීසියට කළ පැමිණිල්ලකට උරණ වී මෙම පහරදීම සිදුකර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.