
(සුජිත් හේවාජුලිගේ )
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට සිදු වූ හානිය තක්සේරු කිරීමේ මූලික කටයුතු හෙට (6) අරඹන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
මේ සඳහා සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සමග හෙට පුළුල්ව සාකච්ඡා පවත්වන බව කී අධිකරණ ඇමැතිවරයා නෞකාවෙන් සිදුවී ඇති හානිය අති විශාල හෙයින් ඒ සියලුම හානි පිළිබඳ සම්පූර්ණයෙන්ම සොයා බලා පූර්ණ වන්දි වාර්තාවක් පිළියෙල කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරයි.
හෙට පැවැත්වෙන මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යාංශය,වරාය අධිකාරිය,නාරා ආයතනය ,පරිසර අමාත්‍යාංශය ,පරිසර අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීහු ද සහභාගි වෙති.
නෞකාව අයත් සමාගමෙන් උපරිම වන්දි මුදලක් ලබා ගැනීම රජයේ බලාපොරොත්තුව යැයිද අලි සබ්රි මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය හා සම්බන්ධ වැඩවලදී ප්‍රමුඛත්වය දියයුතු වන්නේ.. නීතීඥයින්ට නොව පරිසරය හා සම්බන්ධ උගතුන්ටයි. අල් සබ්රි හා සමුද්‍රිය පරිසර අධිකාරියේ සභාපතිනියද, නීතීඥවරුන්... මේ වගේ දේවල් නිසා තමයි නිවාගැනීමට තිබූ නැව විනාශ වී පරිසරයද විනාශ වුනේ... දැන් කොහොමද දන්නේ නැහැ මේ සිදුවූ විනාශය පිළිබඳව තක්සේරුවක් කරන්නේ... මේවා ඔක්කොම සිදුවූ විනාශය යටපත් කරන්න ගහනා උප්පරවැට්ටි කියලා හිතන්නට හැකියි නේද?
වන්දි මුදල ලබාගන්නා විට බැසිල් මහත්තයා හිටියොත්. ඉතාමත් වැදගත්. ඩොලර් වලින් ලැබෙන නිසා හරියට ගණන් කරන්න පුලුවන් එයාට විතරයි...
සුනාමියේදී වගේ මගේ ගිණුමට දාන්න කියයි. වෙන මොනවද?
කොහොමද තක්සේරු කරන්නේ? ඔය නැව හා කන්ටේනර් නැවත ගොඩ ගත යුතුයි... ඕවා සාගරයට මහා විනාශයක් අවටත් එක්ක කත්සේරු කරන්න අවුරුදු ගාණක් කොරල්පර ජීවීන් හැදෙන්න යන්න පුළුවන් තක්සේරු කරන්න.. අනිත් පාඩුත් සමග...
හානි පූරණය ගැන සාකච්ඡා කරන්නද? නැත්නම් හානියේ වාසිය බෙදෙන ආකාරය ගැන සාකච්ඡා කරන්නද?
ගණන් බැරි අධ්‍යක්ෂකලා.. අධ්‍යක්ෂක ජනරාල්ලා ඉන්නවා නම් පටි රෝල් වෙන්නයි යන්නේ...
අපි නොදන්න මහදැනමුත්තාගේ වැඩ. ඔය සාකච්ඡා ඔක්කොම කරලා එනකොට නැවත් ගිහිල්ලා නැව අයිති කොම්පැණියත් වහලා තියෙයි. මතකයිනේ ඉස්සරවෙලා නැවේ සිද්ධියට වූ වැඩේ. තවම සත 5ක් ලැබිලා නෑ. ෆේල් ෆේල් ෆේල්....
ඔය බැහැලේ තියෙන්නේ... මුලු කැබිනට් එකේම බැස්සත් ගොඩ අදින්න බැහැ දැන් දැන්... සෞභාග්‍යය උදා කරන්න ඇවිල්ලා වන්දියක් දිහා බලන් ඉන්නවා. දැන් නම් ආර්ථිකේ හැරවුම් ලක්ෂය නොවේ වන්දියද කොහේද?
කට්ටියට ලැජ්ජයි වගේ
තක්සේරු කෙරුවාට පස්සෙ ලැබෙන කුට්ටිය බලලෝබී, දූෂිත දේශපාලුවන්ගේ ගිණුම් වලට බැර කරයි. ඔවුන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ...!!!
හම්බ වුනොත් හම්බ වුණා කියන්නම්. කිසිඳු විශ්වාසයක් නැත.
දැනුම් තේරුම් ඇති කෙනෙක් හැටියට නිස්සංක සේනාධිපති මහත්මයා වත් ඔය සාකච්ඡාවට ගෙන්නා ගන්න. එතුමා මේකේ අග මුල දන්නවා ඇති..
කොහේ හරි තිබුණු නැවක් අපේ රටට ගෙනැල්ලා ඒක වටේට සුමානයක් තිස්සේ අර ගිනිනිවන නැටුම නටලා අන්තිමට එනවා අපේම මුහුදේ ගිල්ලවාගත් අය ගැන සාකච්ඡා කරන්න.. තක්සේරු කෙරුවා නම් නේද හොඳ...
මොනවා බලන්නද
මොන සාකච්ඡාද? අන්න ගුවන් හමුදාව ගිය වියදම පත්තරෙත් දාලා ඉවරයි. ගණන් ටික එකතු කරලා කියලා යවන්න විතරයි තියෙන්නේ. අපේ අයියලාට මයික් එකක් හරි, කැමරාවක් හරි ඇල්ලුවා නම් කියවන්න ගන්නවා.
නැව් ව්‍යසනය මිනිසා විසින් සාගර ජීවීන් හා පාරිසරික වශයෙන් ඇති කළ දරුණුතම අවස්ථාවයි. මෙම පුද්ගලයින් ක්‍රියාශීලී හා ඉක්මන් වන්දි ලබා ගැනීමට සිටින බව පෙනේ. නමුත් නැව ගිනි තැබීම පාලනය කිරීමට බලධාරීන් ඉතා මන්දගාමී විය. සුව කිරීමට වඩා වැළැක්වීම හොඳ යැයි කියමනක් තිබේ. ඔවුන් මෙම නැව කොළඹ වරායට ඇතුළු වීමට ඉඩ දුන්නේ ඇයි? රසායනික කාන්දුවක් ඇති බව ඔවුන් හොඳින් දැන සිටියා. වැරදිකරුවන් අල්ලා ගැනීම සඳහා පරීක්ෂණයක් කළ යුතුයි. ඕස්ට්‍රේලියානු සමුද්‍ර ජීව විශේෂ විශේෂඥයා පැවසුවේ මුහුදු පතුලේ ඇති ප්ලාස්ටික් පෙති දශක ගණනාවක් පවතින අතර සමුද්‍ර ජීවීන් විනාශ කරන බවයි...
මේ යන විදියට ගියොත් සහ මේ ගොබ්බ ආණ්ඩුවට සත පහක්වත් හම්බවෙන්නේ නැහැ. අනිත් එක මෙයාලා ඉන්නකම් හා දෙන දෙයක්වත් හම්බවෙන්නේ නෑ. මීළඟට එන ආණ්ඩුව අයටත් ලැබෙනවා නම් යමක් ලැබෙයි. ඔන්න මම කිව්වා කියලා හිතාගන්න.
කොහේද ගිය නයෙක් රෙද්ද අස්සෙ දා ගන්න ඕන වුනේ ඩොලර් වන්දි ගන්නනේ. ඒත් අපේ වියත් ගොඩහේවා ඇත්ත කතා කරා නේද? කලින් නැව වගේ මේකත් වන්දි ලබා ගන්න බැරි වෙන එකක් කියලා.