(නිමන්ති රණසිංහ)
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් නොහොත් නේවි සම්පත් ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (07) නියෝග කළේය.
බන්ධනාගාර නිලධාරී සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළේය.
මේ සම්බන්ධයෙන් නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු සැකකාර නාවික හමුදා නිලධාරීහු 11 දෙනකු ඇප ලබා සිටිති.


(ඡායාරූප- ලහිරු හර්ෂණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම අල්ල ගන්නකොට තිබ්බ කෙහෙටු ගතිය නැහැ දැන්... මස් ටිකක් දාල දැන්.. මුනත් සුදු වෙලා වගේ..