(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන සැපයුම්කරුවන් හත් දෙනකුට ඇමරිකානු ඩොලර් කෝටි 70ක පමණ මුදලක් හිඟ ණය වශයෙන් ගෙවීමට ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වාර්තාවක් මගින් රජයට දැනුම් දී ඇත.
මෙම හිඟ ණය ගෙවීමට නොහැකිවීම නිසා ,ඇතැම් සැපයුම්කරුවන් ඉන්ධන සැපයීම් කොන්ත්‍රාත් අවලංගු කර ඇති බව ද ඇමති කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
මේ අතර,මුදල් ගෙවීමට නොහැකිව, ජල තීරය දිගු කාලයක් ඉන්ධන නැව් රඳවා තබා ගැනීමට සිදු වීම නිසා, නැව් සමාගම් නැව් දීමට අකමැත්ත පළ කරන බවද පෙන්වා දී ඇත
මේ තත්වය හමුවේ ,අලුත් සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන ලබා ගැනීමට සිදු වී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන කතාවක් නේද? ඔය එන්නේ තව ගැහිල්ලක්. නැව් භාණ්ඩ ප්‍රවාහනයේදී ගාස්තු ගෙවන භාණ්ඩවල මිල නියම වන්නේ රක්ෂණය හා ප්‍රවාහනය ඇතුළත්වයි. නැතිනම් භාණ්ඩවල මිල හා ප්‍රවාහනය පමණයි. රක්ෂණය මිලදී ගන්නා විසින් දැරිය යුතුවේ.. මෙ ලොව සෑම රටකම ක්‍රියාත්මක වන ක්‍රමවේදයයි. මේ මොකටද මෙයා අරඅදින්නේ?
සර්, මන්ත්‍රී ඉන්ධන දීමනාව තව වැඩි කරගත්තා නම් ඔය ප්‍රශ්නය ඉක්මණටම විසඳෙනවා...
රුසියාවෙන් තෙල් ගන්නේ නැති එක ගැන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මොනවද කියන්නේ? ඉන්දියාව දවසෙන් ගත්තු තීන්දුව ලංකාව මාස 6කින් වත් අරගෙන නැහැ. ඒ ඇයි කියලා රනිල් රටට කියන්නම ඕනේ? ඒ පාඩුව රටට ගෙවන්නේ CPC එකේ කොමිස් කාක්කන්ද, රනිල්ද, කාංචන විජේසේකර ඇමතිද?
දැන් තමයි වෙලාව අපේ රටේ හා මහ බැංකුවේ හොරාගත් මුදල්වලින් ඒ ණය ගෙවලා ජනතාවගෙන් සමාව ගන්න අප පත්කළ මැතිඇමැතිවරුනි..,
නැද්ද අපි වැඳගෙන ඉන්න චීනෙන් උදව්වක්...?
ඔය එන්න හදන්නේ තැනට. දැන් නාමල් බබා අධ්‍යක්ෂක තැන දරන සමාගමට ටෙන්ඩරය දෙන්න නෙ හදන්නේ. අපි දන්නව හොඳද කාංචන අයියා.
ශ්‍රී ලංකාවට බොහෝමයක් පැමිණෙන නැව් විදේශ රටවල ලියාපදිංචි වෙච්ච විදේශ නැව්. මේවා ශ්‍රී ලංකාවේ වරායවලින් ලබාගන්නා සේවාවලට ගෙවන්නේ ඩොලර් වලින්... නැව් ලංකාවට ආවා නම් ඒවට තෙල් දුන්නා නම් ලංකාවට ඩොලර් ලැබිලා ඇති. එම ලැබී තිබෙන ඩොලර් ලාභයක් සමඟයි ලැබී තියෙන්නේ. රජයේ කියන්න ඕනේ ඩොලර් ලැබිය තියෙද්දීත් ඇයි තෙල් ණය නොගෙවා හිටියේ. මේවා කලින් රජයන් වලින් ගහපු සුපිරි සෙල්ලම්. මේ දේශපාලනඥයින් රටේ නිලධාරින් හොරකම් කරපු රුපියල්වලින් තමයි මේ ඩොලර් විදේශ රටවල්වලට පැන්නුවේ...!
හොදයි උබලට අලුතෙන්ම කොමිස් ගහන්න පුලුවන්නෙ එතකොට.
Dear all, Do not try to give sweet talk.
බොරදියේ මාළු බාන රාජපක්ෂ හැතිකරේ කරන අසමජ්ජාති ද්‍රෝහී කම් නිසා රටක ජනතාව විඳින දුකක්. මේ සේරම විනාශයන් ඕකුන්ගේ කොමිස් වලට ඇති ගිජුකම. උඹලටනම් ප්‍රාජතාන්ත්‍රික ක්‍රමයට කථා කරලා පලක් නැහැ . වෙනත් භාෂාවක් ඕන.
රට මේ තත්වයට පත්කරන්න මුල්වූ හැමෝටම හෙණ වදිනවා.
දැන් නිකන් ලාවට වගේ ඔලුවට එනවද අරගලය පටන් ගත්තේ කොහොමද කියලා..? තවත් සුබ ආරංචි සහ අතිවිශේෂ සහන ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න සහෝදරවරුනි...!