IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නව වසර උදාවෙද්දී ලෝක ජනගහනය බිලියන 8ක්

(විමුක්ති එස් රුද්‍රිගු)

නව වසර උදාවන හෙට (01) දිනයේ ලෝක ජනගහනය බිලියන 8.09ක් වනු ඇතැයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

ඒ අනුව 2024 වසරේදී ලෝක ජනගහනය මිලියන 71 කින් වැඩිවී ඇතැයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය. හෙට (01) දිනයේ ප්‍රක්ෂේපිත ලෝක ජනගහනය 8,092,034,511 ක් වනු ඇති බවත් ලෝක ජනගහනය 2024 වසරේ ජනවාරි පළමු වැනිදාට සාපේක්ෂව 71,178,087 (සියයට 0.89) කින් වැඩි වී ඇති බවත් ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.

එළැඹෙන ජනවාරි මාසයේ ගතවන සෑම තත්පරයකටම උපත් 4.2 ක් සහ මරණ 2 ක් ලෝකයේ වාර්තා වනු ඇතැයි අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

නමුත් 2023 වසරේදී ලෝක ජනගහනය මිලියන 75 කින් වැඩිවී ඇති බවත් එයට සාපේක්ෂව 2024 වසරේ ලෝක ජනගහනය ඉහළ යාමේ ප්‍රතිශතය පහළ යෑමක් පෙන්නුම් කරන බවත් එම දෙපාර්තමේන්තුව පැවැසුවේය.



අදහස් (0)

නව වසර උදාවෙද්දී ලෝක ජනගහනය බිලියන 8ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site