(නිමල කොඩිතුවක්කු)
රජය හඳුන්වා දී ඇති ඒකාධිපති බදු සංශෝධනය රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය.
මෙම ඒකාධිපති බදු සංශෝධනය නිසි විශ්ලේෂණයක් සිදුකර සාකච්ඡාවට බඳුන් කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ බදු වල යම්කිසි සංශෝධනයක් සිදු විය යුතු බව පිළිගන්නා නමුත් එම සංශෝධන සිදු විය යුත්තේ ජනතාව,මධ්‍යම විවසායකයන් සහ ආයතන වලට දරාගත හැකි වන ලෙස බවත් විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සිදුකරන ලද සැත්කම සිදුකළ යුත්තේ ලෙඩා බේරා ගැනීමට බවත් ලෙඩා මිය යන්නේ නම් එම සැත්කමෙන් පලක් නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"කිබුල බනිස් එකක් උනත් පොඩ්ඩ පොඩ්ඩ කන්න ඕනේ එහෙම නැතුව කෙලින්ම උගුරේ එබුවොත් සිර වී මරණයට පත් වනවා" යැයි ද හර්ෂ ද සිල්වා මහතා කීවේය.
රජය ඉදිරිපත් කළ නව බදු පතිපත්තිය කිසිදු විශ්ලේෂණයකින් හෝ විපක්ෂයේ අදහස් ලබා ගැනීමකින් තොරව ඒකාධිපති අයුරින් සිදුකර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එමගින් රට සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී නැති භංගස්ථාන වනු ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කියන්නෙ ආණ්ඩුව රත්‍රන් බිත්තර දැමූ කිකිළියගේ බඩ පලා බිත්තර ගන්න බලනවා කියලා නේද . අලුත් බදු ක්‍රමයෙන් එහෙම පේනවා තමයි නගරයේ ගොඩනැගිලි කුලියට දීලා කුලී ගන්න අයගෙන් බදු ගන්නෙ කොහොමද උදා:- යහපාලනය කාලයේ කෘෂිකර්ම ඇමතිවරයා ගොඩනැගිල්ලක් කුලියට ගත්තා එහෙම වෙලාවට කුලිය තක්සේරු කරන්නෙ ආදායම් බද්ද සමගද නැත්නම් බදු නැතුවද.?
මෙයත් දේශපාලනික මත ඉදිරිපත් කරන්නේ.
What else you can expect from this Dr of Doom . We all know high tax is not good and you don't need doctorate in economics to say that. Instead what is needed what can be done while keeping in mind that we are bankrupt nation. Don't say we need to recover robbed money by politicians and officials. This action is required but it will take long time to get realized through court cases. We need quick fixes to economy.
බදු අයකිරීමේ මූලධර්මවලට පයින්ගසා හිතුවක්කාර ලෙස කරලියටෙන ආ බදු ක්‍රමයකි.
දැඩි බලපෑමක් නොවෙයි. රට නැත්තටම නැති කරනවා.
ඒක කියන්න තරම් දෙයක් නොවෙයි පොලී අනුපාත වැඩි කිරීමම එක හේතුවක් නමුත් බදු ගැසීම හා පොලී අනුපාත වැඩි කෙරීම පිළිගත් ආර්ථික න්‍යායන්. ඔහෙට ඒගැන කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැත.