(යොහාන් භාසුර)

මාකුඹුර ප්‍රවාහන මාධ්‍යස්ථානයේ සිට දුරගමන් සේවා සුඛෝපභෝගී බස් සේවාවක් ප්‍රධාන නගර 25 ක් දක්වා ලබන 1 වැනිදා ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

ජනතාව දීර්ඝ කාලයක් සිට කළ ඉල්ලීමකට අන ුව මෙම බස් සේවය ආරම්භ කරන බව කී ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා මුලතිව්, අක්කරෙයිපත්තුව, මඩකළපුව, ඇඹ්ලිපිටිය සහ මොණරාගල ආදි සමස්ත රටම ආවරණය වන පරිදි මෙම බස් රථ සේවය ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

මෙම බස් රථ අධිවේගී මාර්ගය සහ සාමාන්‍ය මාර්ගය යන මාර්ග දෙකම භාවිත කරමින් ධාවනය වන බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩි දුරටත් කීය.