
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය පළාත් පාලන ඡන්දයේ රට පුරා ප්‍රතිඵල සංඛ්‍යා ලේඛන යෝජිත නව ඡන්ද ක්‍රමය වෙනුවෙන් අර්ථකථනය කරන ලෙස මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට අද (10)උපදෙස් දුන්නේය.
මෙම විශේෂ කාරක සභාව එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්විය.
සියලු ඡන්ද විමසීම්වලදී කොට්ඨාශ (කේවළ) ක්‍රමයට සියයට 60 ක් සහ අනුපාතික ක්‍රමයට සියයට 40 ක් වශයෙන් ජනතා නියෝජිතයන් තෝරා ගන්නා ආකාරයේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් මූලධර්මයක් ලෙස පිළිගෙන වාර්තාව කෙටුම්පත් කිරීමට එම විශේෂ කාරක සභාව මෙයට පෙර එකඟත්වයක් ඇතිකර ගෙන තිබිණ.
මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, අනුර දිසානායක, රංජිත් මද්දුමබණ්ඩාර, එම්.ඒ.සුමන්දිරන් යන මහත්වරුද සීමා නිර්ණය කොමිෂන් සභාව, මැතිවරණ කොමිසම ආදි ආයතනවල නිලධාරීහුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ඡන්ද ක්‍රම ගැන කතා කරනවා. තෙල්, ගෑස්, විදුලිය, ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, පොදු ප්‍රවාහනය ගැන කතා කරන්න, ඡන්ද ගනින්න බලන් ජනතාව ඉන්නේ...