
(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කරන ලද ආචාර්ය ඊ. ආර්. එස්. පී. එදිරිමාන්න මහත්මිය 2025-05-18 දින සේවයෙන් විශ්‍රාම ගොස් ඇත.
ඒ අනුව පුරප්පාඩු වී ඇති කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා දැනට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ආචාර්ය ඩබ්ලිව්. ඒ. ආර්.ටී. වික්‍රමආරච්චි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd