
(විනීතා එම්. ගමගේ)
නව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කරනු ලැබ ඇත.
නව තනතුරට පත් වන තෙක් චන්ද්‍රකීර්ති මහතා වෙරළ සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මීට පෙර පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස දෙ, බියගම ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද, ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ.
බදුල්ල ස්ප්‍රින් වැලි මහ විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතියක අධ්‍යාපනය ද ලැබු ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ඇති අතර විවෘත විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ද ලබා තිබේ. ඔහු රුසියාවේ මූලික අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබාගෙන ඇත.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයෙන් පිදෙන සුපිලිපන් රාජ්‍ය නිලධාරියා සම්මානය ඉකුත් වසරේ පිදුණේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාටය.
නව කම්කරු කෙමාසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා ලබන 19 වැනිදා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලි පුරවලා නිකන් ඔහේ මිලියන 800ක් විතර කාබාසිනියා කළේ කවුද දන්නෑ..
ගල්කිස්සේ වැලි ව්‍යාපෘතියත් මෙතුමාගේද?
මුලින්ම මේ වගේම වෙළඳ කලාපවල තියන ගාමන්ට්, මිනිස් ශ්‍රමය සූරා කකා අසනීපයකටවත් නිවාඩු නොදී මරව මරවා, බැන බැන පහසුකම් නොදී වැඩ ගන්න එක ගැන ටිකක් හොයලා බැලුවොත් නරකද?
ගමේ කෙනෙක්ගෙන් සුබපැතුම්..!!!
මේ අර වෙරළ ගොඩකරන්න වැලි දාපු විදිහ විස්තර කරපු මහත්තයා නේද? අනේ රත්තරනේ කම්කරුවෝ? හරි අහිංසක අය.
සුබ පැතුම්...!
කවුරුවත් ‘‘හමුදාකරණය‘‘ කියලා කෑගහනවා එහෙම නෙවෙයි ඔන්න. කිව්වේ නෑ කියන්න එපා..
සේවක අර්ථසාධක අරමුදලට යටතේ ඇති සියලුම රාජකාරි අවශ්‍යතා සෑම දිස්ත්‍රික්කයකටම ව්‍යාප්ත කරන්න. කොළඹ වැඩත් එක තැනකට ගන්න. මිනිස්සු නාරාහේන්පිට ගිහින් ආයෙත් කොටුවට යන්න ඕන සල්ලි ටිකගන්න. එකඑක හාම්පුතුන්ට මුලු ජීවිතයම කැපකරලා අවසානයේදී ඉතිරි කරපු සල්ලි ගන්නත් හුඟාක් දුක් මහන්සි කරවන එක අන්තිම වැරදියි. බැංකුවක දාන සල්ලි වගේ ඉතාම පහසු විදිහට සල්ලි ගන්න තියෙන්න ඕනෑ.
අද කාලේ සුදුසුකම් තිබුණත් ඔය තනතුරුවලට පත්වන කිසිකෙනෙක් ගැන මගේ නම් කිසිම විශ්වාසයක් නැහැ.
කම්කරුවාටත් දෙවි පිහිටයි. ඕන්... මතකනේ වැලි පුරවලා කරපු හරිය..