
(අංජුල මහික වීරරත්න)
නිල්වලා ගඟ සංරක්ෂණ හා සංවර්ධනයටත් නිල්වලා ගඟ ආශ්‍රිතව නිරතුරුව පවතින ගංවතුර තත්වයට කඩිනම් විසඳුම් සෙවීමත් වෙනුවෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා නිල්වලා ගගේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ගත් තීරණයකට අනුව මෙම සංචාරය සිදු කෙරිණි.
ගංවතුර ගැටළුවට තාක්ෂණික කමිටුව හරහා ඉක්මන් විසදුම් සෙවීම,නිල්වලා ගඟ භාණ්ඩ මගී ප්‍රවාහනයට යොදා ගැනීම, නිල්වලා ගඟ ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීම හා නිල්වලා ගඟ අකුරැස්ස හරහා සිංහරාජය දක්වා සංචාරක ගමනාන්තය සකස් කිරීම, නිල්වලා ගඟ ඉවුරු ඛාදනය වැලක්වීමට පියවර ගැනීම, ගඟෙහි ඇති කුණු හා අපද්‍රව්‍ය ඉක්මනින් ඉවත් කිරීම යන කරුණු පිළිබඳව මෙම සංචාරයේ දී අවධානය යොමු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ තියෙන කොට බලය නෑ..බලය ලැබෙන විට මොළේ නෑ.කිඹුල් ප්‍රශ්නයට ඉතා ඉක්මන් විසඳුමක් නැතුව ඔය එකක්වත් සාර්ථක වෙන්නෙ නෑ.දෙවනුව එයට දිගු කාලීන සාර්ථක උත්තරයක් සෙවිය යුතුමයි.