2019 ජනවාරි 20 | ප.ව. 09:41
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය-ශ්‍රීපාද වන්දනාවේ ගමන් කරන ශ්‍රීපාද වන්දනාකරුවන් සඳහා පොදු පහසුකම් ගැටළු රැසක් ඇති බවත්, එම ගැටළු වලට කඩිනමින් අදාල අංශ සමග සාකච්ඡාකර විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.
ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ නල්ලතන්නිය හා මස්කෙළිය ප්‍රදේශවල ශ්‍රීපාද වන්දනාකරුවන් ඇතුලු ප්‍රදේශයේ ජනතාවට පවතින ගැටළු සම්බන්ධව සොයා බැලීමට අද (20) දා පැමිණි හදිසි සංචාරකයකදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෛත්‍රී ගුණරත්න මහතා, නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ පිහිටි කල්පවෘක්ෂ විහාරයට ගොස් විහාරාධිපති දෙහිපේ නන්ද නා හිමියන් හමුවී ප්‍රදේශයේ පවතින ගැටලු සම්බන්ධව විහාරාධිපති හිමියන් සමගද සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙසේද කීය.
“නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගයෙන් වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් සඳහා සෞඛ්‍ය පහසුකම් අවම තත්වයකයි තියෙන්නේ. ශ්‍රී පාදයේදී හදසියේ රෝගාතුරවන වන්දනාකරුවන් ළඟම පිහිටි මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ගෙන යන්න කිලෝ මීටර් 19 ක් දුර යන්න ඕනෑ. වන්දනාකරුවන් රැගෙන එන රථ වාහන නැවැත්වීමට ඇති රථ ගාල්වල අඩුපාඩුකම් රැසක් තිබෙනවා. අඹගමුව, මස්කෙළිය හා නෝර්වූඩ් යන ප්‍රාදේශිය සභා බල ප්රදේශගත්තම සංචාරක කර්මාන්තය වැඩිපුරම දියුණු කරන්න පුලුවන් පළාතක්. මේ ප්‍රදේශයේ ලස්සන කඳු වැටි ඇතුලුව සෞන්දර්යාත්මක ස්ථාන රැසක් තිබෙනවා. මේ කඳු වැටි තරණය කරන්න අද කාටවත් අවස්ථාව නෑ. විදේශිකයෝ විශාල පිරිසක් ඉන්නවා කඳුවැටි තරණය කරන්න. ඒ අවස්ථාව අපි ලබා දිය යුතුයි. වයිට් වෝටර් රාෆ්ටින් කියන බෝට්ටු සේවය පදින්න විශාල සංචාරකයින් පිරිසක් ලංකාවට එනවා. කේබල් කාර් සේවය, කඳු තරණය කිරීම කෙටි කාලයකින් ආරම්භ කිරීමට අපට හැකිවෙයි. නල්ලතන්නියේ ගොඩගැසෙන කුණු ගන්න තියෙන්නේ එකම ට්‍රැක්ටරයක් පමණයි. වහාම ක්‍රියාත්මක වන පරිදි තව ට්‍රැක්ටර් දෙකක් හා අවශ්‍ය පිරිස ප්‍රාදේශිය සභාවට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ රෝගීන්ට ඇති එකම රෝහල වන මස්කෙළිය ප්‍රාදේශිය රෝහල ජනතාවට සේවයක් සලසන්න පුලුවන් අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කරන්න කඩිනමින් කෙටි කාලයක් ඇතුළත කටයුතු කරනවා. කිතුල් කර්මාන්තය හා දේශිය කර්මාන්තය මේ පළාතේ දියුණු කරන්න කටයුතු කරනවා. පළාතේ ආදායම වැඩි කරන්න පළාත දියුණු කළ යුතුයි. පැරණි තත්වයේ ඇති දේවල් නූතන තත්වයට ගේන්න ඕන. ශ්‍රීපාද නගරයට හැමදාම ජනතාව එන තත්වයට ඇති කළහොත් මේ පළාතම බබලවන්න පුලුවන් කියා මා සිතනවා.”
ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ගොස් ප්‍රධාන වෛද්‍ය ලියැදිපිටිය මහතා හමුවී රෝහලේ කාලයක් තිස්සේ පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡා කර එම් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව පැවසීය. මස්කෙළිය, රිකාටන් ප්‍රදේශයේ පිහිටි මස්කෙළිය ප්‍රදේශිය සභාව සතු කසල ප්රතිචක්රීයකරණ මධ්‍යස්ථානයද පරීක්ෂා කර ඊට අවශ්‍ය නවීන තාක්ෂණ යන්ත්‍ර ලබා ගැනීම සම්බන්ධව අවශ්‍ය උපදෙස් ලබා දීමද සිදු කළේය.
මෙම අවස්ථාවට අඹගමුව ප්‍රදේශිය සභාවේ සභාපති ජයසංක පෙරේරා, මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපතිනි සෙම්බගවල්ලි, ආණ්ඩුකරවරයාගේ ලේකම් තෙන්නකෝන් බණ්ඩාර, මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් ආර්.රාජවීරන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සීය මේ ප්‍රවෘතිය දැකලා කිව්වේ සීය පොඩිකාලෙත් ඔය වගේම රටේ පාලකයින් කිව්වා කියලයි.
අලුත් ආණ්ඩුකාරවරුනුත් වැඩ පෙන්නන්න අරන් වගේ... දේශපාලඥයන්ගේ වැඩ ආණ්ඩුකාරවරුන් බදා ගන්න යනවා
මේ විදියට දේශපාලනය කරන අය ගැටලු තියෙන තැන් වලට යන එක හොඳදෙයක්... මෑතකදි සජිත් ඇමතිතුමත් සීගිරියේ අවට තියෙන ප්‍රශ්න බලන්න සහ විසඳුමක් දෙන්න ගිහින් තිබුණා. අනිත් මැතිඇමැතිවරුත් එහෙම යනවා නම් බොහෝ පොදු ගැටළු විසඳගන්න පහසු වෙනවා. මොකද නිලධාරීන් හෝ පහළ ඉන්න වග කිව යුතු අය බොහෝ වේලාවට වැඩ කරන්නේ නෑ.