
(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
එසේම වත්මන් ආණ්ඩුවේ සෙසු මැති ඇමතිවරුන්ද නාස්ති අවම කරගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය
" මම ඇමැති වැටුප ගන්නේ නෑ. මන්ත්‍රී වැටුප ගන්නේත් නෑ. වී8 ඇතුළුව මට එක තැනක වාහන තුනක් තියෙනවා. තව තැනක තුනක් තියෙනවා. තවත් තැනක දෙකක් තියෙනවා. ඒ ඔක්කොම වාහන පැත්තකට දාලා මම සාමාන්‍ය වාහනයක් පාවිච්චි කරනවා. ඇමතිවරයෙකුට දෙන තෙල් කෝටා එකත් බාගෙට භාගයක් අඩු කරලා තියෙනවා. ඒ වගේම අපි ඇමති නිල නිවාස ගන්නෙ නෑ. මේ විදියට බැලුවම විශාල මුදලක් ඉතිරි කරල තියෙනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මීට පෙර සිටිය කෙනා පෞද්ගලික කාර්ය මණ්ඩලයට විතරක් වියදම් කරලා තියෙනවා මාසෙකට රුපියල් ලක්ෂ හැත්තෑ හයක්. මම අාවට පස්සේ ඒ මුදල ලක්ෂ දෙකක් දක්වා අඩු කරගත්තා. එතකොට මාසෙකට ලක්ෂ 74 ක් ආණ්ඩු පක්ෂ පක්ෂකාර්යාලයට විතරක් මම ඉතුරු කරලා දීලා තියෙනවා.
ප්‍රාදේශීය සභාවට පත්වෙන කෙනා මුදල් නාස්ති කරනවානම් අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. අපි කරන කැප කිරීමටත් ඒක බරපතළ නිග්‍රහයක් අවමානයක්. හොරකම් කරන්න සල්ලි දෙන්නේ නෑ. ඒකට දෙතුන් සැරයක් නොවෙයි දහස් සැරයක් හිතන්න ඕනි.
ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.
COMMENTS
ඒ මහත්තයා වැටුපක් ගන්නේ නැහැ ලු, දීමනාවක් ගන්නෙත් නැතිව ඇති මම හිතන්නේ, මට තේරුම් ගන්න බැරි ඒ මහත්තයා දරු පවුල නඩත්තු කරන්නේ කොහොමද කියල.
කතා කලොත් මෙයාල හැමෝම ආයේ පොඩි ගණන් නෙවෙයි ඉතුරු කරන්නේ . මේක ඇත්තක් නම් තව අවුරුදු දෙක තුනක් යනකොට ලංකාවේ නය ඔක්කොම ගෙවල ඉන්දියාවටත් දෙන්න සල්ලි ඉතුරු වෙන්න ඕන . අර ගෝනි බඩත් කිව්වේ මිනිහත් මාසෙකට ලක්ෂ 50 ක් ඉතුරු කරනවයෝ කියල .වැටුප් ගන්නේ නැහැ කියල කිව්වට එය අන්ඩර දෙමළයක් නේ මහත්තයෝ . ඒ මුදල් ඉතිරිවෙන්න ඕන රජයේ ඒකාබද්ධ අරමුදලේ මිසක ජවිපෙ අරමුදලේ නෙවෙයි නේ . අනික මේ හිටපු අය ආචාර වියදම් කළා මෙච්චර වියදම් කළා කීවට ඒවායින් බොහොමයක් ගල්පැලෙන බොරු බව දැන් දැන් ඔප්පු වෙනවනේ . අර කට ලොකු නංගි අවුරුදු SMS ගැන කිව්වෙත් අලි බොරුවක් බව අතේ පත්තු උනානේ .
මේ වගේ ආණ්ඩුවක් ලොවෙත් නැතුව ඇති. කජු සීයා හිටියා නම් මාසයකට කජු කන්නම ලක්ෂ දහයක් පහලොවක් විතර ඕනා වෙයි.පුතානෝ ආවා නම් ආර්ය්‍යාව නඩත්තු කරන්න මාසයකට කෝටියක් විතර ඕනා වෙයි.හැබැයි මිනිහා ෆ්ලයිට් වල යන්න බය නිසා ඒ ගාන ඉතුරු වෙයි.
ඊළඟ චන්දෙන් මෙයාගේ පරම්පරා සාධකයවත් ඉතිරිවුනොත් හොඳයි !
මමත් ඒහෙමයි. මම ප්‍රධාන සංවිධායකයෙක් නොවෙයි. ඇමති ධුරයක් තියා මන්ත්‍රිකමක්වත් දරන්නෙත් නැහැ. වී 8 පාවිච්චියකුත් නැහැ. නිල නිවාසත් නැහැ. සහනාධාරයක් ගන්නෙත් නැහැ. බලන්න මම රජයට ලක්ෂ කීයක් ඉතුරු කරලා දෙනවාද කියලා. පිස්සු නැත්නම් ෂෝක්...!
මේවා දකින විට බයි සංසදය පිස්සු බල්ලෝ කුලප්පු වුණා වගෙයි...!
මම බටහිර රටක රස්සාවක් කරන්නේ. හැම මාසෙම ඩොලර් 3000ක්වත් ලංකාවට එවනවා ගෙවල්වල වියදමට. අපි දුප්පත් නෑයින්ට වටපිට දුප්පත් අයටත් ඔය සල්ලිවලින් උදව් කරනවා. දැන් අවුරුදු 20ක් විතර. අපිට නිල නිවසත් නෑ... v8 තියා ආණ්ඩුවෙන් බයිසිකලයක දෙයක් දීලා නෑ. ඉතින් අපිත් කොච්චර අපේ රටට ඉතුරු කරලා දෙනවාද? ඕවා කයිය ගහන්න දේවල් නෙවෙයි...
බොහොම හොඳයි... මේ ඉතිරි කිරීම්වලින් ණය ටික ටික ගෙවන්න බැරිද? එවිට සියල්ලන්ගේම එකතුව අනුව රටේ ණය මුදල් තම වැටුපෙන් ගෙවන ලෝක වාර්තාවක් මෙන්ම පිල්ලෙයාන්ට වඩා ජාතික වීරයෝ වෙනවා.
කුහකකම ප්‍රදර්ශනය කරන සෙට් එක එකම දේ මතුරනවා. ගුණේ අයියගේ කාමරේ...!
ඉතාම හොඳයි... NPP ආණ්ඩුවේ ආවේ නැතිනම් රට හොරාකාපු අයට තිබුණු සැප කොහොමද? මේවා දකිද්දි බයියන්ට නින්ද යන්නේ නෑ.
මේවා කියවනකොට හිතන්නේ එයා 50ක් කියනවා නම් මම 74ක් කියනවා කියලා. මොන්ටිසෝරියේ බබාලා ටික චූටියට හිටියාට එකාට එකා පොඩ්ඩක් ඉරිසියාව වගේ නේද? එයාගේ එකට වඩා මගේ එක ලොකුයි කියන්න පටන් අරන් තියෙන්නේ. දැන් ඊගාවට කවුද දන්නේ නෑ මගේ එක ඔක්කෝටම වඩා ලොකුයි... මගේ ගාන 100යි කියන්න හදන්නේ...
ඒ පැත්තක තියන v8 දිර දිර යනවාද? අපරාදේ රටේ සල්ලි. සාමාන්‍ය වාහනයක් කියන්නේ මොකද්ද? තමන්ගේ සල්ලි වලින් ගනිපු එකක්ද නැත්තන් ළඟදී තමන්ටම කියලා බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපු එකක්ද? දන්නා කෙනෙක් කියන්න...