
(අංජුල මහික වීරරත්න)
ප්‍රවීණ රංගනවේදී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා අභාවප්‍රාප්ත විය.
උඩුවෙල මහතා අභාවප්‍රාප්ත වන විට 56 වැනි වියෙහි පසුවිය.ඔහු දෙදරු පියකි.
මහරගම අපේක්ෂා රෝහලේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි උඩුවෙල මහතා අද(23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
අපූර්ව රංගන පෞරුෂයකට හිමිකම් කී නලින් ප්‍රදීප් උඩුවෙල මහතා වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍යයෙන් ද රංගන පෙළහර පෑ ශිල්පියකි. සරසවි, සුමති ඇතුළු සම්මාන උළෙල රැසකදී උඩුවෙල මහතාගේ රංගන ප්‍රතිභාව සම්මානයට පාත්‍ර විය.
දැනටත් වේදිකා ගත වෙමින් පවතින " සුද්දෙක් ඔබ අමතයි" වේදිකා නාට්‍යයේ ඔහු දක්වූ රංගන කෞශල්‍ය අනගිභවනීය.
දශක තුනකට අධික කාලයක් පුරා සාර්ථක රංගන ජීවිතයක් ගත කළ නලින් ප්‍රදීප් උඩුවෙල මහතා ඉතා නිරහංකාර සුන්දර චරිතයක් ලෙස ප්‍රේක්ෂක ජනාදරය දිනාගෙන සිටියේය.
ඔහු 1969 මාර්තු 20 වන දින මාතලේ දී උපත ලැබීය. උඩුවෙල මහතා කලක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසද සේවය කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියකු සහ චිත්‍රපට සංස්කාරක වරයකු වශයෙන් ද සේවය කළේය.
ඔහුගේ දේහය 193/55, දෙවැනි පටුමග, ප්‍රසන්න උයන, මත්තේගොඩ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු මත්තේගොඩ ආදාහනාගාරයේදී බ්‍රහස්පතින්දා(25) සවස සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ ගමන් සොදුරු කලාකරුවණෙනි !
රන්ගධරයාණෙනි ඔබට සුභ ගමන්
සොදුරු කළාකරුවාණෙනි, ඉක්මන් භවයකදීම භව ගමන කෙළවර කිරීමේ වාසනාව උදාවේවා..
අපි ඉතාමත් ආදරය කරපු දක්ෂ රන්ගන වේදියෙක්.. බට්ට් සහ අමුතු දීගේ තුළ ඔබ දැක්වූ රන්ගන ප්‍රතිබාව මතකයට එනවා. හරිම කණගාටුදායකයි. නිවන්සුව අත්වේවා !
ගොඩක් වටිනා නලුවෙක්.ගැමි චරිත ලලස්සනට කලානිවන් සුව ලැබේවා !!