IMG-LOGO

‘‘නිලධාරීන් අසාර්ථක නම් ඔවුන් පන්නා වගකීම් ඉටුකළ යුතුයි‘‘

(ඩයනා උදයංගනී)

යම් නිලධාරියකු අසාර්ථක නම් මාරු කිරීම කළ යුතු බවත්, ඇමතිවරුන්ට වගකීම් ඉටුකළ හැක්කේ තමන්ගේ වේගයෙන්ම කටයුතු කරන නිලධාරීන් කණ්ඩායමක් සිටියහොත් පමණක් බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය

නිලධාරියෙකු සාර්ථකව කටයුතු කරගෙන යන විට මාරුවීමක් ලබාදීම සුදුසු නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

නමුත් ඇමතිවරුන්ට නිලධාරීන් හොඳ නැති නිසා වැඩකරන්න බැරි වුණා යැයි කිව නොහැකි නිසා නිලධාරීන් මාරු කර හෝ වගකීම හරියට ඉටු කළ යුතු අවස්ථා තිබෙන බවද අමරවීර මහතා කීවේය.

තමන් යටතේ ඇති ආයතනවල ද නිලධාරීන් නිසි ලෙස රාජකාරී නොකරන්නේ නම් ඉදිරියේදී අවශ්‍ය සංශෝධන කරගැනීමට සිදුවන බව මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී අද (26) පැවති මාධ්‍ය හමුවකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඇමතිවරයා සොරකම්, වංචා නොකර පිරිසිඳුව වැඩ කළත් නිලධාරීන් එසේ වැඩ කරන්නේ නැතිනම් සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට නොහැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය. 



අදහස් (12)

‘‘නිලධාරීන් අසාර්ථක නම් ඔවුන් පන්නා වගකීම් ඉටුකළ යුතුයි‘‘

ජනයා Wednesday, 26 January 2022 06:19 PM

ඔය කියන්න හදන්නේ මේ රටේ මේ තාක්දුරට වුණු මෝඩ තීරණ සහ අසාර්ථක සියළු දේවලට හේතුව නිලධාරීන් විතරයි කියලද? සාමාන්‍යයෙන් නිලධාරීන් කියන අය එම රජයේ ආයතනවල වසර ගණනාවක් සේවය කර තියනවා... රජයේ පියන් කෙනෙක් වෙන්නත් සාමාන්‍යය පෙළ අවශ්‍යයි. ඒත් පාර්ලිමේන්තුවේ ඇමතිලාත් කී දෙනෙක් ඉන්නවද අට පාස්වත් නැතිව මෝඩ කථා කියන. මේක එක පක්ෂයක විතරක් වරද නෙමේ... හැම පක්ෂයකම ඡන්දෙකටම පස්සේ දේශපාලකයින් තමන්ට ගැතිකම් කරන නිලධාරීන්ට උසස්වීම් සහ වරප්‍රසාද දී දේශපාලනීය කරන පසුබිමක ලංකාවේ නිලධාරීන් සමහරෙක් දූෂිත වෙනබව අහන්නත් දෙයක්ද? මේ රට විනාශයට හැමෝම වග කියන්න වෙනවා. මේක මෝඩ සහ වංචනික සංස්කෘතියක්...!!! 

:       0       0

Bamunuarachchi Wednesday, 26 January 2022 06:42 PM

කල් ගිහිල්ලා හරි වැඩේ තේරුම් ගත්ත එක හොඳයි. පළමුව විශ්‍රාම ගිය පැරණි රජයේ සේවකයි, කොන්ත්‍රාත් ක්‍රමයට බඳවාගෙන ඔවුන්ලවා ඉන්න නිලධාරීන්ට පුහුණුව ලබා දෙන්න. දැන් ඉන්න නිලධාරින් පුහුණුව ලබා තිබෙන්නේ පල් හොරුන්ගෙන්...!

:       0       0

Sunil Wednesday, 26 January 2022 06:51 PM

ඊට කළින් අසාර්ථක වූ ඇමැතිලාව පන්නන්න. සමහර විට කැබිනට් මණ්ඩලයේ කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ..

:       0       0

de silva Wednesday, 26 January 2022 07:01 PM

නිලධාරීන් පමණක් නොව ඇමැතිවරුත් හොරු.. එම නිසා අසාර්ථක වෙලා තිබෙන්නේ අපේ රට, ඇමැතිවරු, නිලධාරියෝ හොරකම් කරපු, පගා ගහපු මුදල්වලින් සුඛෝපභෝගී ජීවිත ගතකරති. ජනතාව කන්න නැතිව පෝලිම්වල දුක් විඳිති.

:       0       0

fairoos Wednesday, 26 January 2022 07:37 PM

ඔබතුමන්ලාව පන්නා දැමීම වැඩි ඈතක නැහැ..!!! 

:       2       14

ajith pWednesday, 26 January 2022 08:28 PM

ඕවා කියන්න තිබ්බේ තමුන් දේශපාලනයට පැමිණි පළමු දිනයේ, එසේ නොකොට එහෙට පැනලා මෙහෙට පැනලා කරන්න තිබෙන සියලුදේ කරලා දැන් ගෙදර යන්න ඔන්න මෙන්න... මොන දේ කීවද කිසිඳු සහනයක් ජනතාව ලබා නොදෙනු ඇත. රාජ්‍ය නිලධාරීන් වැරදිනම් නිවැරදි කිරීමට කොන්දක් නොමැති දේශපාලකයින් මහජනතාවට දුක කියනවා...

:       1       14

Prabha Wednesday, 26 January 2022 09:47 PM

නිලධාරීන්ට විතරක් නොවේ. ඕක ඇමැතිලාටත් වලංගුයි.

:       0       0

Raveendra Thursday, 27 January 2022 06:21 AM

නිලධාරින් පමණක් නොව මන්දබුද්ධිකයන් 226ම මේ රටිනුත් පන්නා දැමිය යුතුයි..

:       0       0

Bamunuarachchi Thursday, 27 January 2022 08:50 AM

නිලධාරින්ගේ අසාර්ථකකම් කොපමණ ලියන්න ඕනේද? වීසා ඉල්ලුම්පතක් සඳහා විදේශීය මුදල් බැංකු ශේෂය සම්බන්ධව රජයේ ප්‍රධාන බැංකුවකින් සහතික කළ ලිපියක් ඉල්ලුවා. නිලධාරින් දෙදෙනෙක් අත්සන් කර ලිපිය දුන්නා. ගෙදර ඇවිත් බලන කොට විදේශීය මුදල් බැංකු ශේෂය හිමි ඉල්ලුම් කරුගේ නම සඳහන් කර නැත. නිලධාරින් දෙදෙනෙක් අත්සන් කළේ ලිපියේ මොනවාද තිබෙන්නේ කියාවත් බලන්නේ නැතිවයි. දැන් මම මේක හරිගස්සගන්න කාලය සහ මුදල් වැයකර නැවත කොටුවේ පිහිටි බැංකුවට යායුතුයි. පත්තරේට නොකියා කාටද මේවා කියන්නේ?

:       0       0

සරත් වීරසිංහ Thursday, 27 January 2022 06:33 PM

නිලධාරින්ගේ සාර්ථක, අසාර්ථක බව මනින කෝදුව මනින්නාත් දෝෂ සහගතවනවිට අසාර්ථක නිලධාරින් නොවේ. මහ පොළවේ පැළනොවන යතාර්ථවල වගකීම එය කරලියට ගෙනෙන ඔලමොට්ටලයින් ගත යුතුමයි...

:       0       0

Sambo Thursday, 27 January 2022 08:32 PM

සියලු දෙනාම හොඳටම අසාර්ථකයි. මුලු රජයම ෆේල්...

:       0       0

අනුර සේනානායක Thursday, 27 January 2022 09:51 PM

ඒ අය පත්කිරීම සඳහා ඉදිරිපත් කළේ කවුද? මොනවද ක්‍රියාත්මක කර තිබූ වැඩ..? දේශපාලන පත්කිරීම අනුව නම් දේශපාලකයා ඉල්ලා අස් විය යුතුයි නේද? කොහොමත් බැසිල් ගොට්ටෙක් නේද? පන්න පන්නා නරි ‘‘හූ‘‘ වරුසාවක් දෙමු. දේශපාලන පක්ෂ, පාට බල්ලන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site