IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිල් මහා සටන” ජයගත් කණ්ඩායමට ජනපති තෑගි දෙයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහා සටනේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් හිමිකර ගත් අතර එම ත්‍යාග ප්‍රදානෝත්සවය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්විණි.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දෙවන දිනය වන ඊයේ (17) දින එය නැරඹීමට ද ජනාධිපතිවරයා එක් විය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

මේ අතර ජනාධිපතිවරයා අද උදෑසන සිට කොළඹ SSC ක්‍රීඩාංගණයේ රැඳී සිටිමින් තරගය නැරඹීමට එක් වූ අතර එහිදී කොළඹ රාජකීය විද්‍යාලයේ මෙන්ම ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායම් දිරිමත් කරමින් ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.

අද දින තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ජයග්‍රාහී කණ්ඩායමට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අනුස්මරණ පලිහ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

ජයග්‍රාහී කණ්ඩායමට මෙන්ම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායමට සහ තරගයේ දක්ෂතා දැක්වූවන්ට සම්මාන සහ සහතික පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. ජයග්‍රාහී කණ්ඩායමට සහ දක්ෂතා දැක්වූවන්ට සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ක්‍රිඩාංගණය වෙත රැස්ව සිටි ක්‍රීඩා ලෝලින් සමඟ සුහද කතා බහක නිරත වීමට ද අමතක නොකළේය.



අදහස් (0)

නිල් මහා සටන” ජයගත් කණ්ඩායමට ජනපති තෑගි දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site