(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මහනුවර සිට බණ්ඩාරවෙල ඇල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් ගත් නෝර්වේජියානු ජාතික සංචාරකයකු සතු ඩ්‍රෝන කැමරාවක් ඇතුළු රුපියල් හත් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා දේපල සහිත ගමන් බෑගය කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයිඇල්ල පොලිසිය පවසයි.
මෙම සංචාරකයා විසින් මේ බව ඇල්ල සංචාරක පොලිසිය වෙත පැමිණිලි කර ඇත ඩ්‍රෝන කැමරාවට අමතරව රුපියල් 25,000 ක මුදලක් ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්සහ එම ජංගම දුරකථන උපාංග මෙම ගමන්මල්ලේ තිබුණු බව එම සංචාරකයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය පොලිසිය පවසයි.
නාවලපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කර තිබූ අවස්ථාවේ මෙම ගමන් මල්ල කිසිවකු විසින් සොරාගෙන ගිය බව එම සංචාරකයා පවසන්නේ යැයි ද පොලිසිය සඳහන් කරයි.
සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් ෆොන්සේකා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී අතුල පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ ඇල්ල සංචාරක පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නසිරි මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
මෙම සොරකම නාවලපිටිය දුම්රිය ස්ථානයේ දී සිදු වූවක් බැවින් මෙය බව නාවලපිටිය පොලිසියට ද දැනුම්දීමක් කර ඇත
නාවලපිටිය පොලිසියද මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් මෙවන් සිද්ධීන් ක්‍රමයෙන් බහුලවනු දක්නට ඇත. සංචාරක ව්‍යාපාරය අඩපන කර රජය අපහසුතාවයට පත් කිරීම අරමුණ බැව් කිවහැක.
අරගලකරුවෝ නිසා සංචාරකයෝ එන්නේ නෑ කිවුවා ගම්පහ ගොන් නාම්බා කෝ
අප රටට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට අටක් මෙරටදී කුමන හෝ අපරාධයක වින්දිතයන් බවට පත්වේ. කෝ පොලෝසිය…? කදුලු ගෑස් ගහන්න කොළඹ ගිහිල්ලාද….?