
(ඉන්දිකා රාමනායක)
නිරෝධායනයට ලක් නොවී සැගව සිටි මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවක පිරිසට වහාම පැමිණ ඉදිරිපත් වන ලෙසට පොලිසිය ඊයේ (8) සහ පෙරේදා (7) කර තිබු නියෝගයට අනුව සේවකයින් 400 ක් පමණ පිරිසක් පැමිණ සිටි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මොවුන් ගම්පහ, කැලණිය හා පෑලියගොඩ ස්ථාන 24 ට පැමිණි සිටි බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් සාපේෂක දන්ත, බුද්ධි අංශ හා වෙනත් වාර්තා වලට අනුව නිරෝධායනය නොවී සිටිනේනේ තවත් සේවකයන් කිහිප දෙනකු පමණක් බවට වාර්තා වී ඇතැයි ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
එම පිරිස කොළඹ ප්‍රදේශයේ පිට සිට එම පොලිස් ස්ථාන වලට තමන්ගේ විස්තර දැනුම් දෙන්නට ඇති බවට සැකකරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මෙතෙක් නිරෝධායන යොමු නොවු කිහිප දෙනෙක් හෝ සිටීනම් ඔවුන් වහාම සිටින නිවසේ සිට තමන් මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවක කළ සේවයයකු බව පවසා පොලිසියට දැනුම් දිය යුතු බවද අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම සේවකයන් නිරෝධානය ක්‍රියාවලිය සදහා අනුගත වීම සදහා ලබා දුන් කාලය ඊයේ (8) දින අවසන් දිනය බවත් මෙම නියෝගය පැහැර හරිමින් යම් කිසි පුද්ගලයකු කටයුතු කරන්නේනම් ඔවුන්ට නිරෝධායන නීතිය යටතේ දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සුන්ට බණින්නේ නැතිව වැරැද්ද කරපු ෆැක්ටරි කාරයාට නීතිය ක්‍රියාත්මක කරන්න.
මේ කාටහරි රෝගය වැළඳී තිබෙනවානම් ඒ අය කරලා තියෙන්නේ තමන්ගේ පවුල්වල අය අනතුරේ හෙලීමක් කියලා තේරුම්ගන්න ශක්තියක් නැතිවීම ගැන කණගාටුයි.
මේ අය මිනිමරලාවත්, හොරකම් කරලාවත් , කුඩු බිස්නස් කරලාවත් නොවෙයි .." මේ මොකක්ද වුනේ ? " වැනි හදිස්සියේ හිසට කඩාගෙන වැටුන හෙන ගෙඩියකින් කම්පාවටත් මම මොනවාද කරන්නේ..? ගෙදර දරුවන්ට කන්න දෙන්නේ කොහොමද..?...වැනි දහසක් ප්‍රශ්න අතරේ සිරවී මැරි මැරී දවසක් දෙකක් සමාජයෙන් දුරස්වී සිටි, ඔබත් මමත් වගේම මිනිසුන් ,ගැහැනුන් කණ්ඩායමක්. සමහරවිට ඒ අයගෙන් කීප දෙනෙකුට අසාදනය වෙලා තිබෙන්නටත් පුළුවන්. මිනිස්සු කැමැත්තෙන් ලෙඩ රෝග වැළඳ ගන්නේ නැහැනේ. ලෙඩ රෝග අප කරා එනවා. එතැනදී දුප්පත් ,පොහොසත් ,සිංහල, දෙමල, මුස්ලිම් , ආගම බේද ,කුල බේද මොනවත් බලපාන්නේ නැහැ. සැපේදී වගේම දුකේදීත් ඔබ ඔබේ සහෝදර සහෝදරියන් ,නෑයින්, හිතමිතුරන් අමතක කරන්න එපා.
තවත් පමා නොවී පැමිණීම ගැන ස්තුතියි. සියලුම දෙනාගේ ආරක්ෂාව ගැන සිතන්න.
මේ මිනිසුන් වැරැදි කරුවන් කරන්න කළින්, කොරෝනා අස්සේ මැතිවරණ තියපු, කොරෝනා අස්සේ මළගෙවල්වල සංදර්ශන දාපු අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න.
මුලු රටේම ජනමාධ්‍ය මේ මිනිස්සුන්ගේ නම්ගම් ඇතුව කැමරා දික්කරගෙන, තුවක්කු දික්කරගෙන පෝලිම් ගස්සලා බස්වල නග්ගනකොට කොහොමද සමාජෙට මුහුණ දෙන්නේ... එහෙන් කට්ටියක් පද හදනවා. තව කට්ටියක් බණිනවා ලෙඩ හදාගත්තා කියලා. ලංකාවේ මිනිස්සුන්ගේ පටු ආකල්ප නිසා තමයි මෙහෙම හැංගෙන්නේ. ඒක තේරුම් ගන්න.
උස් තැන් දැක හැකිලෙන්නේ.., මිටි තැන් දැක පුප්පන්නේ... මගේ පුතා දොයියන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ.