IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


නිරෝධායනය අවසන් කළ තෙවැනි කණ්ඩායමත් පිටව යයි

(ඉන්දිකා රාමනායක , ක.ග කරුණාරත්න ,සමන් පාලිත නානයක්කාර සහ ඩී.කේ රත්න )

යුද හමුදාවේ අධීක්‍ෂණය යටතේ නිරෝධායනවලිය සාර්ථකව අවසන් කළ තවත් 223 දෙනෙකු  අද (26) නිවෙස් බලා පිටත් කළ බව යුද හමුදාව පවසයි.

 
හමුදා ප‍්‍රකාශක බ්‍රිගේඩියර් නන්දන වික‍්‍රමසිංහ මහතාට අනුව ඒ ඒ මධ්‍යස්ථාන වලින් පිටව ගිය සංඛ්‍යාව මෙසේයි.

පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන්  - 125 යි
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන්  - 42 යි
දියතලව නිරෝධායන මධ්‍යස්ථානයෙන්  - 38 යි
මීයන්කුලම් නිරෝධායන මධ්‍යස්ථානයෙන්  - 18 යි 
 
මෙම පිරිස අතරින් සිව්දෙනෙක් විදේශිකයින් බවත් හමුදා ප‍්‍රකාශකවරයා කීය.

නිරෝධායන ක‍්‍රියාවලිය සාර්ථකව නිමා කළ තෙවන කණ්ඩායම මෙය බවද හමුදාව සඳහන් කරයි.

මෙම  පිරිසත් සමඟ ගතවු දින තුනක කාලය තුළ 700 කට අධික පිරිසක් සාර්ථක නිරෝධායන ක‍්‍රියාවලියෙන් අනතුරුව නිවෙස් වෙත යොමු කළ බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප- ක.ග කරුණාරත්න)

 



අදහස් (0)

නිරෝධායනය අවසන් කළ තෙවැනි කණ්ඩායමත් පිටව යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 51 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 881 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site