
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පහරදීම සම්බන්ධයෙන් නිදහස් ස්වාධීන විමර්ශනයක් කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (1) පැවසීය.
මාධ්‍යවේදියෙක් විසින් මෙවැනි පහරදීමක් කළේ ඉතිහාසයේ පළමු වරට බවද අබේවර්ධන මහතා කීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා:-
රනිල් වික්‍රමසිංහ නායකතුමා අධිකරණයේ තිබුණු නඩු කටයුත්තට පෙනී සිට නැවත පිටතට පැමිණෙමින් සිටියදී ඇති වූ තත්ත්වය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශයක් කිරීමට අප බලාපොරොත්තු වූයේ නැහැ. අප බලාපොරොත්තු වූයේ නීතිය අනුව ඊට අදාල විමර්ශන කටයුතු සිදු විය යුතු බවයි.
නමුත් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යතුමා කළ ප්‍රකාශය හේතුවෙන් අද අපට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කරුණු ප්‍රකාශ කරන්න සිදුව තිබෙනවා. එතුමා ප්‍රකාශයක් කර තිබෙනවා මෙය සුළු සිදුවීමක් හෙවත් අහඹු සිදුවීමක් කියා. එසේනම් එතැනදී අපට ප්‍රශ්නයක් පැන නගිනවා මේ පරීක්ෂණය කෙලෙස ක්‍රියාත්මක වේවීද කියන කාරණය පිළිබඳව.
මේ සිදුවූ සිද්ධිය අපට කිසිසේත් අනුමත කරන්න බැහැ. සමස්ත මාධ්‍යවේදීන් කිසි කෙනෙකුටත් මෙය අනුමත කරන්න බැහැ. මං හිතනවා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මාධ්‍යවේදියෙක් මෙවැනි පහරදීමක් සිදුකළේ කියලා.
ඒ වගේම මේ සිදුවීමට අදාළ විමර්ශන නිදහසේ, ස්වාධීනව කරගෙන යාමට ඉඩප්‍රස්ථාව සලසා දිය යුතුව තිබෙනවා. ඒ සඳහා අප කවුරුත් මැදිහත්වීමට අපේක්ෂා කරන්නේ නැහැ.
නමුත් ඒ සඳහා වෙනත් අර්ථකථන ලබාදීමක් සිදුකරනවානම් එය භයානක තත්ත්වයක් ලෙස අප දකිනවා. ඉතිහාසයේ අප දැක තිබෙනවා රජීව් ගාන්ධි මැතිතුමා සාම ගිවිසුම අත්සන් කරන්න ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ආචාර පෙලපාලියේ සිටි ආරක්ෂක නිලධාරියෙකු අත තිබු අවියකින් පහරදීමක් සිදුවුනා.
අවිය කියන එක විවිධ ආකාරයට භාවිතාවෙන්න පුලුවන්. ආත්ම ආරක්ෂාවට භාවිතා කරන විදි වෙන්න පුලුවන්. කිසිදු හේතුවක් නැතුව කෙනෙකුගේ ජීවිතය විනාශ කිරීම සඳහා භාවිතා කිරීම සිදුවෙන්න පුලුවන්. අවිය කුමක්ද කියන එක නොවෙයි වැදගත් වෙන්නේ, මේ සිදුවීම ස්වාධීන පරීක්ෂණයක් තුළින් අවසන්වීම දැකීම තමයි අප එක්සත් ජාතික පක්ෂය හැටියට බලාපොරොත්තු වෙන්නේ.
ඇත්ත වශයෙන්ම ඒ සිදුවුනු ක්‍රියාවලිය සමස්ත ශ්‍රී ලාංකික මාධ්‍යවේදීනුත්, ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සියලුදෙනාම ප්‍රතික්ෂේප කල යුතුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිදහස් පරීක්ෂණයක් සිදුකර එය කුමක් අරඹයා සිදු කළේද යන්න සමාජයට හෙළි කිරීම වැදගත් යයි එක්සත් ජාතික පක්ෂය හැටියට අප ප්‍රකාශ කර සිටිනවා.
හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා:-
අපි දන්න ඉතිහාසය පුරාම චෝදනා තිබුණේ ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ට පහර දුන්නයි කියායි. නමුත් ප්‍රථම වතාවට තමයි අපි දැක්කේ මාධ්‍යවේදීන් ආරක්ෂක අංශයට ප්‍රහාරයක් එල්ල කරනවා. එදා ආරක්ෂක අංශ මාධ්‍යයට පහර දුන්නම මාධ්‍ය විසින් එය හැදින්වූයේ ආරක්ෂක අංශය විසින් ත්‍රස්තවාදී ක්‍රියාවක් කළා කියලායි. එසේනම් මේ සිදුවූ ක්‍රියාවත් එසේම විය යුතුයි.
වහාම මේ පිළිබඳව ස්වාධින පරීක්ෂණයක් පවත්වලා, මෙවැනි දෙයක් සිදුකිරීමේ සත්‍ය අරමුණ කුමක්ද කියලා රටට හෙළි කරන්න. මේ ප්‍රහාරයේ ඇත්තම අරමුණ වුණේ ආරක්ෂක නිලධාරියාට පහර දීමද නැතිනම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පහරදීමටද කියලා අපිට බරපතල සැකයක් පහළ වී තිබෙනවා.
හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සහ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහත්වරු ද අදහස් දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd