(යොහාන් භාසුර)

සහල් අපනයනය කරන බවට රේගුවට සඳහන් කරමින් මෙරටින් පිට කිරීමට සූදානම් වූ යකඩ මෙට්‍රික්ටොන් 15 කට  අධික ප්‍රමාණයක් කන්ටේනරයක් පරීක්ෂා කිරීමෙන් අද (1) සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.

අදාළ බහලුම සැකකටයුතු යැයි රේගුව නවතා ගැනීමෙන් පසුව පොලිසිය ද එම බහලුම පරික්ෂා කිරීමට අධිකරණ නියෝගයක් ගෙන තිබූ බවත් ඒ අනුව පොලිසියේ අධීක්ෂණ යටතේ ඉඟුරුකඩේ හන්දිය අසල වරාය පිවිසුම් මාර්ගය අසල පිහිටි පරිශ්‍රයේදී අදාල බහලූම අද (1) පරීක්ෂා කළ බවත් ඒ මහතා කීය.

එම බහලුම සහ එහි ඇති යකඩ තොගේ සම්බන්ධයෙන් ඉදිරිය නීතිමය කටයුතු රේගු සහ පොලිස් දෙපාර්තමේන්තු එකතුව ක්‍රියාත්මක කරන බවද පුංචි ඒවා මහතා වැඩිදුරටත් සටහන් ක⁣ළේය.